රන්මලී සෝමසිරි
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (14) හිටපු ඇමැති ජී.එල්. පීරිස් මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
විපක්ෂ වේදිකාවක් සකස් කිරීමට සිදු කරන සාකච්ඡා මාලාවේ තුන් වැනි සාකච්ඡාව හෙට (15) පැවැත්වෙන බවත්, මේ සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සිටින සහ නොසිටින දේශපාලන පක්ෂ නායකයන් රැසක් සහභාගි වීමට නියමිත බව ද එම ආරංචිමාර්ග සඳහන් කළේය.
පසුගිය සතියේදී ද හිටපු ඇමැති ජී. එල්. පීරිස් මහතාගේ නිවෙසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහි දිගුවක් ලෙස මේ සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙය ආණ්ඩුවට ඍජුව අභියෝග කිරීමේ අරමුණින් බිහිකරන එකමුතුවක් නොවන අතර, විපක්ෂයේ පොදු එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය
Source – Dinamina







