BREAKING NEWS
Search

ගෝලීය තෙල් සැපයුම අනතුරේ… හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය සැරසෙයි.

1893

ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) විසින් බව‍යි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20% ත් 25% ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙනු ඇති.

මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි.

එම නිසා මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද කරුණක් වනු ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!