BREAKING NEWS
Search

මාලිමාවේ ස්ටිකර් ගහගෙන එළුවන් ප්‍රවාහනය කරලා..! පොලිසියට මාට්ටු !

1364

ජාතික ජන බලවේගයේ ලාංඡනය සහ එහි නායකයාගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින්, සතුන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මෝටර් රථයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු බදුරලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුරලිය පොලීසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නවතා සිදුකළ පරීක්ෂාවකදී මෙම ජාවාරම හෙළිදරව් වී ඇත. එහිදී, මෝටර් රථයේ පිටුපස ඩිකිය තුළ පාද හතර ගැටගැසූ එළුවෙකු මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියදී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

 

 

අත්අඩංගුවට පත් සැකකරුවන් වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට හවුලේ බදුරලිය සහ ඒ අවට ප්‍රදේශවලින් ගවයින් සහ එළුවන් මස් පිණිස නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සඳහා මෙම මෝටර් රථය යොදාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බදුරලිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!