BREAKING NEWS
Search

ඩේමියන් මාටින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුබ ආරංචියක්

207

මෙනින්ජයිටිස් රෝගය හේතුවෙන් සතියකට වැඩි කාලයක් රෝහල් ගත කර සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේමියන් මාටින් කෝමා තත්ත්වයෙන් අවදි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

54 හැවිරිදි මාටින් බරපතළ ලෙස රෝගාතුර වීමෙන් පසු දෙසැම්බර් 27 වනදා ඔහු ක්වින්ස්ලන්ඩ් රෝහලක් වෙත ඇතුළත් කර තිබූ අතර ඉන් අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වී මෙලෙස කෝමා තත්ත්වයට පත් විය.

ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 67කට, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 208කට සහ විස්සයි20 තරග 4කට ක්‍රීඩා කර තිබේ.

ටෙස්ට් තරග 67 කදී ලකුණු 4,406 ක් ලබා ගනිමින් ශතක 13ක් ඇතුළුව 46.37ක සාමාන්‍යයකින් යුතුව මාටින් සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

එමෙන්ම එක්දින තරග 208කදී ඔහු ලකුණු 5,346ක් ලබා ගත් අතර, එහි සාමාන්‍යය 40.80 කි.

එහිදී ශතක 5ක් සහ අර්ධ ශතක 37ක් වාර්තා කර තිබීමත් විශේෂත්වයකි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!