BREAKING NEWS
Search

රන් වලට හොඳ කලක් – පවුම ලක්ෂ 04 සීමාවට එයි..!

2115

ලෝක වෙළෙඳපළේ රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට වෙළෙඳපළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතරේ සීමාවට ළඟාවී තිබෙනවා.

අද දිනයේ එම වර්ගයේ රන් පවුමක මිල රුපියල් 390,000 ක් ලෙස සටහන් වී ඇති අතර කැරට් 22 රන් පවුමක් රුපියල් 360,700 කට අලෙවි වන බවයි ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ

 

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපළේ රන් අවුන්සයක මිල ඊයේ ඇමෙරිකානු ඩොලර් 4900 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වන විට රන් අවුන්සයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 4952.62 ක් ලෙසයි.

ඇමෙරිකාව විසින් පොලී අනුපාත පහත දැමීම සහ භූ දේශපාලන කරුණු මෙලෙස මිල ඉහළ යෑමට හේතු වී ඇති බව සදහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!