BREAKING NEWS
Search

ගෝටාට-මෛත‍්‍රිට පොදු දේපල චෝදනා..

2361

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු දේපොළ අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වේ.

මේ සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු සියල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇත. එම තොරතුරු යොදාගනිමින් අදාළ පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. නීතිඥවරු මේ දිනවල මීට අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටිති.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත සිදු කළ ඉදිකිරීම් කිහිපයක් සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හරහා සිදු කළ කටයුතු කිහිපයකට අදාළ තොරතුරු මේ අතර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ තොරතුරු සහිතව එවැනි පැමිණිලි ඉදිරිපත් වුව හොත්, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසි සේත් පසුබට නොවන බවයි. එවැනි නීතිමය ක්‍රියාවලියකදී අදාළ සැකකරු හෝ සැකකාරිය පෙර දැරූ තනතුරු අදාළ නොවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Source – Silumina

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!