BREAKING NEWS
Search

ටික්ටොක් කුමාරයාට ඉක්මනින් රජ වෙන්න ගෝඨා බාප්පා ගෙදර යැව්වා…! – දිලිත් ජයවීර

1342

වත්මන් ආණ්ඩුව බොරුවට කරන බොහෝ දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවංකව කිරීමට උත්සාහ කළ බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුර අතහැර සිය පෞද්ගලික නිවසේ වාසය කරමින් සිය පෞද්ගලික රථය භාවිත කරමින් ආරක්ෂක රථ සහ නිලධාරීන් සීමා කරමින් ඒ ඒ ආයතන සඳහා දේශපාලන හෙ සුදුසුම පුද්ගලයන් පත්කරමින් රට හරි මගට ගැනීමට උත්සාහ කළ බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් රාජපක්ෂ පවුල ගෝඨාගෙන් කකුලින් අදිමින් පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම් කර ටික්ටොක් කුමාරයා ඉක්මනින් ජනාධිපති කිරීමට බාප්පා ගෙදර ඇරි බවට හෙතෙම චෝදනා කරයි.

වත්මන් ආණ්ඩුව ජනාධිපති ලේකම්වරයා, වරාය සභාපති, රේගු අධ්‍යක්ෂ ඇතුළු සියලු තනතුරු සඳහා රාජ්‍ය පරිපාලනයෙන් බාහිර සිය මිතුරන් පත්කරමින් ඇතැයි ද දිලිත් ජයවීර චෝදනා කරයි.

ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!