BREAKING NEWS
Search

ලලිත් කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

987

2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්කර තිබෙන හබයාස් කෝපුස් නඩුකරයට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

Source – Ada DeranA




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!