BREAKING NEWS
Search

රාජසන්තක වූ ගෝඨාගේ අනීතික කතරගම ඉඩම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

853

කතරගම, මැණික් ගඟ ආසන්නයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව පැවති ගොඩනැගිල්ලක් අද (13) දින අධිකරණ නියෝගයක් මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ භාරයට පත් කර ඇත.

 

වාර්තා වන අන්දමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේපළ සම්බන්ධයෙන් ගොනු කරන ලද නඩුවකින් අනතුරුව එය රජය සතු දේපළක් ලෙස පවරා ගෙන තිබේ.

අදාළ අධිකරණ තීන්දුවෙන් පසුව, මොණරාගල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා එම ස්ථානයට පැමිණ අදාළ ගොඩනැගිල්ලේ භාරකාරත්වය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

 

 

 

මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර තිබූ රාජපක්ෂ නිවස සම්බන්ධයෙන් කාලයක් තිස්සේ විමර්ශන සිදු කළ අතර ඊට අදාළව මීට පෙර කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා ද අත්අඩංගුවට ගෙන තිබුණි. මීට අමතරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුළු පිරිසකගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත්තේය.
කතරගම ප්‍රාදේශීය සභාව විසින් ලබාදෙන ලද අනුමැතීන්හි නීත්‍යානුකූලභාවය ගැටලුකාර වූ අතර මේ නිසා මෙම දේපළ රාජසන්තක විය.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගොඩනැගිල්ල මින් ඉදිරියට රජයේ නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බවයි. එම ක්‍රියාමාර්ගය ඔස්සේ රජයට නව ආදායම් මාර්ගයක් උපයා ගැනීමද අරමුණ බව ඒ මහතා සඳහන් කර තිබේ.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!