BREAKING NEWS
Search

මාලිමා සභාපතිගේ යෝජනාව ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරයි…

3864

මාලිමා සභාපතිගේ යෝජනාව ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරයි…
හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

මෙහිදි එම සභාවේ සභාපතිවරයා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැය කල හැකි මුදල රු.10000ක් බවත්, එය ප්‍රමාණවත් නොවන නිසා එම මුදල වැඩි කර දෙන ලෙසට සභාවෙන් ඉල්ලීමක් සිදු කෙරිණ.

එහිදි එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වු සමගි ජන බලවේගයේ අලගමුත්තු නන්දකුමාර් මහතා නගර සභවේ ලේකම්වරියගෙන් කරුණු විමසමින් අසා සිටියේ සභාවේ මුදල් රෙගුලාසි අනුව සභාපතිවරාට ක්ෂණිකව වියදම් කල හැකි මුදල වැඩි කිරිමට පළාත් පාලන කොමසාරිස්වරියගෙන් අනුමැතියක් හෝ චක්‍රෙල්ඛණයක් ලැබී ඇතිනම් එය සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

මෙහිදි එම සභාවේ වැඩ බලන ලේකම්වරිය සභාව හමුවේ කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැයකිරිමට හැකි මුදල අවස්ථානුකූලව වැඩි කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගෙන් වාචික උපදෙස් ලැබී ඇති බවයි.

මෙහිදි යලිත් කරුණු දැක්වූ අලගමුත්තු නන්දකුමාර් මහතා කියා සිටියේ සභාපතිවරයාට ක්ෂණිකව වැයකිරිමට හැකි මුදල වැඩි කර ගැනිමට පළාත් පාලන කොමසාරිස් සමග සාකච්ඡා කර ලිඛිතව ලබා ගත් අවසරයක් මත සිදු කරන ලෙසටත්, එසේ නොමැතිව ඒ සදහා සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසටයි.

මෙම යෝජනානව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී පතිරණ කංකානම්ලාගේ චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා කියා සිටියේ චක්‍ර ලේඛණවලට පටහැණිව කටයුතු කිරිමට සභාවේ කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත්, ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලිඛිතව ලබා ගෙන සභාපතිවරයාට ක්ෂණිකව වියදම් කල හැකි මුදල වැඩි කර වැය කිරිමට හැකියාව ඇති බවයි.

– රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!