කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විසින් නිකුත් කළ නිවේදන අනුව රජයේ ආයතන විසින් ආපදා තත්ත්වයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, නොවැම්බර් 24 වැනිදා වන විට ආපදා කළමනාකරණ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සූදානම් වන ලෙස ආපදා කළමනාකරණ ඒකකය හරහා දැනුවත් කිරීම් සිදු කර තිබුණු බවයි ඊයේ (16) දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලීසියට දැනුවත් කිරීම් සිදු කර තිබුණු බව ද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අවශ්‍ය අනතුරු ඇඟවීම් සිදු කර තිබුණු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
කාලගුණ ආයතන විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් අනුව පොලීසිය විසින් ජනතාවට දැනුවත් කිරීම් සිදු කර ඇති බවත්, බෝට්ටු ද සූදානම් කර තිබුණු බවත්, එම ලබා දුන් අනතුරු ඇඟවීම් අනුව රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වී ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – Esana







