BREAKING NEWS
Search

වයස 100 සම්පූර්ණ සියලු වැඩිහිටියන්ට රජයෙන් රු 5000 ක මාසික දීමනා

402

ශ්‍රී ලංකාවේ සියවස ඉක්මවූ වැඩිහිටියන් 552 දෙනෙකු අගෝස්තු මාසය වන විට වාර්තා වී ඇති බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය තහවුරු කරයි. වයස අවුරුදු සියය සම්පූර්ණ කළ එම වැඩිහිටියන්ගේ ආදායම් මට්ටම සැලකිල්ලට නොගෙන, ඔවුන් සැමට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

 

මේ අතර, දරුවන් විසින් සිය දෙමාපියන් නොසලකා හැරීමට අදාළව පසුගිය ජූලි මාසය තුළ පමණක් පැමිණිලි 28 ක් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලය වෙත ලැබී ඇති බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිඳුම් මහතා ප්‍රකාශ කළේය.

එම පැමිණිලි අතුරින් එක් සිදුවීමක් මේ වන විටත් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 46 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව පවතී.

වැඩිහිටියන්ට සිදුවන අපයෝජන සහ නොසලකා හැරීම් පිළිබඳව දැනුම් දීම සඳහා ‘සරණ’ නමින් විශේෂ දුරකථන සේවාවක් හඳුන්වා දී ඇති අතර, 0707898889 යන අංකය ඔස්සේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නුදුරු අනාගතයේදී නඩත්තු මණ්ඩලයට ලැබෙන පැමිණිලි මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ විභාග කර විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද මිහිඳුම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Source – gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *