මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුවෙන් ඇය නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළාය.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයකින් සිටීද යන්න පිළිබඳ විශේෂ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ කැඳවීම මත සකස් කළ එම මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
එම වාර්තාව අනුව, ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණදීමට අවශ්‍ය මානසික හැකියාවක් නොමැති බව වෛද්‍ය නිර්දේශ කර තිබුණි.
සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඇයට එරෙහිව තිබූ අධිචෝදනා වලින් නිදහස් කිරීමට තීරණය කළාය.(Ape Rata)







