BREAKING NEWS
Search

ගිනස් වාර්තාවට, නොබෙල් තෑග්ග කීවේ වැරදීමකින් – අවංක හඳුන්නෙත්ති තම වරද නිවරැදි කරගනියි.!

1565

 

ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවද පැවසූ ඔහු එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවද සඳහන් කළේය.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

එසේ නිවැරදි කිරීම සඳහා නිකුත් කරන ලද විඩියෝවේදීද සුළු වැරදීම් දෙකක් දක්නට ලැබුණු අතර ඒවා වූයේ ගිනස් වාර්තාව (Guinness record) වෙනුවට ජීන්ස් වාර්තාව යනුවෙන් අදහස් පළ කිරීම සහ නොබෙල් ත්‍යාගය යන වචනය වෙනුවට නොබෙල් වාර්තාව ලෙස අදහස් පළ කිරීමයි.කෙසේ වෙතත් එම වීඩියෝව උඩුගත කර විනාඩි කිහිපයකින් එයද ඉවත් කිරීමට කටයුතු කර ඇත.

පසුව තම නිවරැදි කිරීම පෝස්ට් එකක් වශයෙන් සිය නිල ෆේස්බුක් පිටුවට එක් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!