BREAKING NEWS
Search

කොළඹ නීතිඥ සංගමයේ සභාපති ධූරයට ගුණරත්න වන්නිනායක..!

327

නීතිඥ ගුණරත්න වන්නිනායක, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්ද 137 කින් තේරී පත්ව තිබෙනවා.

නීතිඥ ගුණරත්න වන්නි නායක සභාපති ලෙස පත් කර ගැනීම සඳහා ඡන්ද 211 ලැබී තිබූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ නීතිඥවරයා ලබා තිබුණේ ඡන්ද 74ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 137 කින් ඔහු නීතිඥ සංගමයේ සභාපති ලෙස පත්වුණා.

කොළම මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ වසර 66ක ඉතිහාසයේ දී නීතිඥ ගුණරත්න වන්නි නායක සභාපති ධූරයට පත් වූ පස්වන අවස්ථාව මෙය වන අතර එම තනතුරට පත් වූ පුද්ගලයින් අතර වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබා ඇත්තේ ද නීතිඥ ගුණරත්න වන්නිනායකයි.

Dasatha Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!