BREAKING NEWS
Search

තඹුත්තේගම රංබණ්ඩාගේ පුතාට සුභ උපන්දිනයක් වේවා!

326

ජනාධිපති අනුර දිසානායක මහතාගේ 57 වන උපන් දිනය අදට යෙදී ඇත.
අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුට දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛයන් සුබ පැතුම් එක් කර ඇත.

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන දිසානායක මහතා, 1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන ඔහු, ජාතික ජන බලවේගය ගොඩනැගීමේ ප්‍රමුඛයා විය.

පක්ෂ දෙකක් අතර පැවති බල හුවමාරැවට අභියෝග කරමින්, 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් විය.

ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු, දූෂණයට එරෙහි දැඩි ස්ථාවරයක් සහ රටේ අර්බුදකාරී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීමට ඔහු ප්‍රමුඛත්වය දී ඇත.

ජනාධිපතිගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය උත්සව හෝ සැමරුම් වෙනුවට, ජනතාවට සහ රටට සේවය කිරීමේ එදිනෙදා කටයුතුවල නිරත වීමට සැලසුම් කර ඇත.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!