BREAKING NEWS
Search

හරිනි ඉන්දියාවේදී තමා ඉගෙනුම ලැබූ සරසවි පන්ති කාමරයට ගිහින් (photos)

514

ඉන්දීය නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, තමා සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ නව දිල්ලි හින්දු කොලෙජ් විශ්වවිද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය. එම අවස්ථාවේදී සරසවි කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් මෙන්ම සිසු සිසුවියන් විසින් අග්‍රාමාත්‍යවරිය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

 

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ජයග්‍රහණ අගය කිරීමක් ලෙස, සරසවි පරිශ්‍රයේ නව පර්යේෂණ ඒකකයක් ද ඇය අතින් විවෘත කෙරිණි.

එම ඒකකය ‘හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය’ ලෙස නම් කිරීම විශේෂ සිදුවීමක් විය.

මෙයින් අනතුරුව, අග්‍රාමාත්‍යවරිය තමා අධ්‍යාපනය ලැබූ පන්ති කාමර නැරඹීම සඳහා ද සහභාගී වූවාය.

එහිදී රැස්ව සිටි සිසුන් සහ කාර්යමණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරිය, ශිෂ්‍යාවක ලෙස තමා ලැබූ අත්දැකීම් බෙදා ගත්තාය. සිය අධ්‍යයන ගමන් මඟ මෙන්ම, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා වන සිය කැපවීමට විද්‍යාලයෙන් ලද පන්නරය ද ඇය එහිදී සිහිපත් කළාය.

හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ කොළඹ බිෂොප් විද්‍යාලයේදී පාසල් අධ්‍යාපනය හමාර කළ පසු ඉන්දියාවේදී සිය ප්‍රථම ශාස්ත්‍රවේදී (BA) උපාධිය සම්පූර්ණ කර තිබුනේ දිල්ලි හින්දු කොලෙජ් විශ්වවිද්‍යාලයෙනි.
අනතුරුව ඕස්ට්‍රෙලියාවේ මැකවරි විශ්ව විද්‍යාලය (MA) හා ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලය (PhD) සම්පූර්ණ කර ඇත. දේශපාලනයට පෙර සමාජ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ හරිනි සමාජ විද්‍යා පර්යේෂණ වල නිරතවූ අතර නාවල විවෘත විශ්ව විද්‍යාලයීය සමාජීය විද්‍යා අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළාය.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!