BREAKING NEWS
Search

වැටීගෙන යන ව්‍යාපාර වුනත් උස්සලා ගන්න පුලුවන් තනි චරිත දැකලා තියෙනවද ? ශ්‍රී ලංකන් එයාර්ලයින් ගොඩ දාන ඔහුගේ කතාව

1468

Sri Lankan airlines….!!! 👌🏾👌🏾❤️

වැටීගන යන ව්‍යාපාර උනත් උස්සල ගන්න පුළුවං තනි චරිත දැකල තියනවද..?
අවුරුදු 25ක් තිස්සෙ Sri Lankan airlines එකේ ගමං ගියාට දැං සුමාන දෙකකට කලිං තමයි මේ වගේ එකෙක්ව දැක්කෙ…

මේ යෝදයා flight එක ඇතුලෙ තනියම ගේමක් ගහනව…එක එක ජාතියෙ (සමහරක් කරදරකාරී passengers ල ඇතුළුව) කවුරු මොනව ඉල්ලුවත් හිනාවක් දාගන තත්පර ගානෙං ඒක කරල දෙනව…staff එකේ අනික් අය rest කරන වෙලාවටත් මූ වතුර ටිකක්, juice වීදුරු ටිකක් හරි ට්‍රේකක තියාගන ඇවිදිනව…හැම request එකක්ම බලාපොරොත්තු නොවුන පුංචි surprise එකක් එක්ක තමයි ලැබෙන්නෙ…වතුර ඉල්ලපු එකාට වතුර එක දෙන්නෙ පොඩි රටකජු පැකට්, එකක් බිස්කට් දෙකක් එක්ක…හෙනම පොඩි දේවල් මේ…හැබැයි passengers ලගෙ මූනු බලන්න වටිනව…

මගේ එහාපැත්තෙ වාඩිවෙලා ගියපු Australian ආච්චිට කැස්සක් ඇවිත් දෙපාරක්ම උනුවතුර ටිකක් ඉල්ලුව…ඊට පස්සෙ මූ උණුසුම් වතුර තියන බෝතලේකුයි ලස්සන කෝප්පෙකුයි ගෙනත් දුන්න අර මනුස්සයට…සුදු ආච්චිට හිතාගන්න බෑ…
මගෙං අහනව “මේ මගේ පලවෙනි Sri Lankan experience එක…ලංකාවෙ මිනිස්සු හැමෝම මේ වගේ කරුණාවන්ත ද?” කියල…
මං කිවුව “කලාතුරකින් ඇරුනම 90%කට වඩා මේ වගේ අය කියලනං මට ෂුවර්” කියල….

economy class එකක් ඇතුලෙ business class එකක service vibe එකක් හදපු පොරක්…
පොඩි චැටක් දැම්ම මූත් එක්ක…නම Kevin…මේකගෙ ආකල්ප තමයි රටකට, ඕනම ආයතනයකට ලැබෙන්න පුළුවං වටිනම සම්පත…”අපි කොහොමහරි Sri Lankan airlines ගොඩදානව” කියන ගැම්මෙං ඉන්නෙ….

ඉතිං ගාන කීය උනත් මොන සුළු අඩුපාඩු තිබුනත් වෙන airlines වල යන්න හිතෙයිද අපිට…❤️

– Varuna




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!