යකඩ බහුල ග්‍රහක සහ උල්කාපාත අනෙකුත් අභ්‍යවකාශ පාෂාණවලට වඩා පෘථිවියට විශාල අවදානමක් ඇති කළ හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ග්‍රහකයක් පෘථිවියේ ගැටීම ඉතා විනාශකාරී විය හැකි නමුත්, ඇතැම් අභ්‍යවකාශ පාෂාණ වර්ග කැබලිවලට කැඩී යාම වෙනුවට වඩාත් ශක්තිමත් විය හැකි බැවින් ඒවායින් සිදුවන හානිය තවත් වැඩි විය හැකි බවයි විද්‍යාඥයෝ සොයාගෙන ඇත්තේ.
මෙම සොයාගැනීම, පෘථිවිය හා ගැටීමට එන ග්‍රාහකවල ගමන් මඟ වෙනස් කිරීමේ මෙහෙයුම් සඳහා විශාල බලපෑමක් ඇති කළ හැකියි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
පර්යේෂණ කණ්ඩායමේ සම-කර්තෘවරයෙකු වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය ජියැන්ලුකා ග්‍රෙගරි පවසන පරිදි විද්‍යාඥයින් කණ්ඩායම මෙම අධ්‍යයනය සඳහා CERN හි HiRadMat (High Radiation to Materials) පහසුකම භාවිතා කර තිබෙනවා.
ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව Nature Communications සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ගණනය කළ නොහැකි තරම් වස්තූන් පවතිනවා.
ඉන් සමහරක් පෘථිවියට ඉතා සමීපයට පැමිණෙන බවයි සොයාගෙන ඇත්තේ.
දැනට පෘථිවියට ආසන්න ග්‍රහක 37,000 ක් සහ කෙටි කාලීන වල්ගා තරු 120 ක් පිළිබඳව මිනිසා දැනුවත් බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
NASA ඇතුළු අභ්‍යවකාශ ආයතන මෙම පාෂාණ නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර, ඉදිරි වසර 100 තුළ පෘථිවියට මෙවැනි වස්තූන්ගෙන් අනතුරක් නොමැති බව විද්‍යාඥයින් සහතික කරයි.
ඔවුන් මෙම පරීක්ෂණයේදී Campo del Cielo යකඩ උල්කාපාතයක සාම්පලයක් භාවිතා කරමින්, ලෝහ බහුල ග්‍රහක පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට ඇති වන දැඩි පීඩනයට ඔරොත්තු දෙන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා.

යකඩ බහුල ග්‍රහක (M-type) පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට ඇති වන පීඩනයට ප්‍රතිචාර දක්වන ආකාරය විද්‍යාඥයින් විසින් අත්හදා බලා තිබුණා.
මේ සඳහා ඔවුන් CERN හි HiRadMat පහසුකම භාවිතා කරමින් Campo del Cielo නම් යකඩ උල්කාපාතයක සාම්පලයකට 440 GeV ප්‍රෝටෝන කදම්බ මගින් දැඩි පීඩනයක් ලබා දී ඩොප්ලර් වයිබ්‍රොමෙට්‍රි තාක්ෂණය ඔස්සේ එම ද්‍රව්‍ය පීඩනයට ඔරොත්තු දෙන ආකාරය තත්කාලීනව නිරීක්ෂණය කරන ලදී.
මෙම පරීක්ෂණයේදී පෙනී ගියේ පීඩනය හමුවේ ශක්තිමත් වන උල්කාපාතය පීඩනය වැඩි වන විට කැබලිවලට කැඩෙනවා වෙනුවට වැඩි ශක්තියක් අවශෝෂණය කරමින් වඩාත් ශක්තිමත් වන බවයි.
ශක්තිය ග්‍රහකයේ අභ්‍යන්තරයට ගමන් කරන අතර එහි ව්‍යුහය පීඩනයට අනුව හැඩගැසෙන බව විද්‍යාඥයෝ පවසනවා.
මහාචාර්ය ග්‍රෙගරි පැවසුවේ, “සැබෑ උල්කාපාත සාම්පලයක් මෙලෙස පීඩනය හමුවේ ශක්තිමත් වන ආකාරය සජීවීව නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙය” බවයි.
මෙම සොයා ගැනීම අනාගත ග්‍රහක මර්දන මෙහෙයුම් සඳහා තීරණාත්මකයි.
න්දයත්, මෙවැනි ග්‍රහකයක් පෘථිවියට ඇතුළු වීමේදී එය වායුගෝලයේදී කැබලිවලට කැඩී යනු ඇතැයි අපට බලාපොරොත්තු විය නොහැකි බැවින්.
ඒ වෙනුවට එය පීඩනය හමුවේ වඩාත් ශක්තිමත් වී පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ දැන් අනතුරු අඟවනවා.







