ඇත්තටම දවසින් දවස ලෝකය අලුත් අලුත් තොරතුරුත් එක්ක ඉස්සරහට ගමන් කරනවා.ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ඇතුත් වුන තවත් තොරතුරක් ගැන.ඔබ මි හරකා සත්තවයා ගැන නම් හොද හැටි දන්නවා. හැබැයි මේ කියන්න යන්නේ ලෝකයේ සිටින මිටිම මීහරකා ගැන කතාව.
මේ සත්තවයා ජිවත් වෙන්නේ ඉන්දියාවේ ඒ එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මලවාඩි ප්‍රදේශයෙන් බවයි සඳහන් වෙන්නේ. අවුරුදු තුනක් වයසැති මෙම සත්වයා ඉන්දියාවේ ට්‍රිම්බක් බෝරේට් ගොවිපළේ උපත ලබා ඇති අතර මේ වන විට එම සත්වයා ගිනස් ලෝක වාර්තාවල ලියාපදිංචි කර තිබෙන බවද වාර්තා වනවා.
මේ සත්තවයා නමින් රාධා වන අතර මෙයාගේ උස ගැන ඇහුවොත් ඔබ පුදුම වෙයි. මේ සත්වයා අඩි 2 අඟල් 8 (සෙ.මී. 83.8) ක් උසින් යුක්තයි. ලොව ජීවත්වන මිටිම කාන්තාව බව කියන ඉන්දියාවේ සිටින ජෝති අම්ගේ ට වඩා අඟල් කිහිපයක් මෙම සත්වයා උස බව සඳහන්.හැබැයි ජෝති අම්ගේ උස නම් අඩි 2 අඟල් 0.7 (සෙ.මී. 62.8) ක්.
තායිලන්තයේ සිටින ලොව උසම ජීවමාන මීහරකා වන කිං කොං ට වඩා අඩි හතරක් (මීටර් 1.2) ක් රාධා කොට බවයි වාර්තා වන්නේ. ඒ අනූව කිං කොංගේ උස අඩි 6 අඟල් 0.8 (සෙ.මී. 185) බවටයි සඳහන්.







