BREAKING NEWS
Search

“මගේ සියලුම කැත කුණු අතගාමින්, මට සැරෙන් වචනයක්වත් නොකියා ඔහු මාව බලාගන්නවා” ඇසට කඳුලක් ගෙනෙන කතාවක් මේක.

405

 

 

මුළු ලෝකයම පෙම්වතුන්ගේ දිනය සැමරීමට සැරසෙන මොහොතක, බකමූණ ගල්මුල්ල ප්‍රදේශයෙන් ඇසෙන්නේ දෑසට කඳුළු උනන, ඒ වගේම මුළු මහත් සමාජයටම ආදර්ශයක් දෙන අසිරිමත් ආදර කතාවක්.

මේ කතාවේ හිමිකාරිය 44 හැවිරිදි ගීතා විනෝදනී. ඈ අද පසුවන්නේ බඩවැලේ හටගත් මාරාන්තික පිළිකා රෝගයක් නිසා ජීවිතයත් මරණයත් අතර සටනකයි.

නැටුම් ඩිප්ලෝමාධාරිනියක වූ ගීතා, වසර ගණනාවක් ජගත් සමඟ පෙම්වතුන් ලෙස සිටිමින් දහසක් බලාපොරොත්තු ඇතිවයි යුග දිවියට පිවිසියේ. නමුත් පිළිකාව ඔවුන්ගේ ඒ ලස්සන ලෝකය උඩුයටිකුරු කළා. අද ඇය එක්තැන් වී සිටියත්, ඇගේ සැමියා ජගත්සේකර ඇයව බලාගන්නේ දේවත්වයෙන්. “මගේ සියලුම කැත කුණු අතගාමින්, මට සැරෙන් වචනයක්වත් නොකියා ඔහු මාව බලාගන්නවා” යැයි ඇය පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනයි.

බිරිඳගේ මිල අධික ඖෂධ වෙනුවෙන් මුදල් සෙවීමට 45 හැවිරිදි ජගත් තෝරාගෙන ඇත්තේ අතිශය දුෂ්කර රැකියාවක්. වන සතුන් ගහන වනය මැදින් ගොස් අඹන් ගඟේ කිමිදී ඔහු දවස පුරා වැලි ගොඩ දමනවා. “බිරිඳටයි දුවටයි පේන්න මම අඬන්නේ නැහැ, ඒත් මම විඳින දුක ගඟ මැදදී හඬමින් ගඟට කියනවා” යැයි ඔහු පවසන්නේ ඉකිබිඳිමින්.

මේ අසරණ පවුලේ 11 හැවිරිදි දියණියද මව වෙනුවෙන් කරන්නේ අදහාගත නොහැකි කැපකිරීමක්. ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුවත්, මවගේ රෝගී තත්ත්වය නිසා ඇයට ලොකු පාසල අතහැර නැවත ගමේ පාසලට එන්නට සිදු වුණා. ඇය අන්තර්ජාලයෙන් මල් පෝච්චි හදන හැටි ඉගෙනගෙන, ඒවා වැටේ එල්ලා විකුණමින් තම මවගේ බෙහෙත් වලට කීයක් හෝ සෙවීමට දරන උත්සාහය කාගේත් දෑසට කඳුළු එක් කරනවා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!