BREAKING NEWS
Search

උපකාරක පන්ති යන්න නිවසින් පිටත් වූ ඇගේ දේහය ලිඳකින් හමුවෙයි. හෙලිවූ තොරතුරු මෙන්න

4626

 

ඒ තවත් එක් හද සංවේදී කළ කතා පුවතක්.. හැමෝම හැමදාමත් ඇයට බොහොම ආදරයෙන් කරුණාවෙන් සලකන්නට ඇති..

එදා දවසේදීත් මේ සිසුවිය නිවසට එන්න ප්‍රමාද වෙනකොට ඔවුන් කලබල වෙන්න ඇත්තේ අන්න ඒ නිසයි..

වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් තිබී වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා ගොඩගෙන තිබෙනවා..

අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන මෙම සිසුවිය උදෑසනම උපකාරක පන්තියට ගොස් ඇතත් සවස් වන තුරුම නොපැමිණීම නිසා ඇගේ දෙම්ව්පියන්, ඥාතීන් හා අසල්වාසීන් ඇය සොයන්නට පටන් ගෙන ඇති අතර, ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති අතරවාරයේ ඇගේ පොත් බෑගය හා පාපැදිය එම උපකාරක පන්තියේ තැනක තිබී හමු වී තිබුණා..

වහාම මේ පිළිබඳව වවුනියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසියේ කණාඩමක් ගොස් අවට විපරම් කර බැලීමේදී සිසුවියගේ මළ සිරුර අඩි 40 ක් පමණ ගැඹුරු ළිඳේ පාවෙමින් තිබී ඇති අතර, මෙම සිසුවිය වවුනියාව ගෝමරසන්කුලම ප්‍රදේශයේ පදිංචිකාරියක්..

ඇය වවුනියාව රම්බෙයිකුලම් බාලිකා විද්‍යාලයේ සිසුවියක්.. අධිකරණ නියෝග මත ඇගේ මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා..

එම පරීක්ෂණය අවසන් වනතුරු මෙම මරණය මිනීමැරුමක් ද සිය දිවි හානි කර ගැනීමක් ද යන්න ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකි බව පවසන වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනවා..

Hiru Gossip

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *