පලවෙනි පන්දුවාර 10ම අපෙන් ඈත් වුනු තරගයක්.. අපේ හොඳම වේග පන්දු තුරුම්පුවක් අපිට අහිමි වුනු තරගයක්… සේරම එක්ක අපේ කොල්ලෝ ගේමට බහිනවා.
මුලදී ඕස්ට්රේලියාව කරකියා ගන්න දෙයක් නැති වෙන තැනටම ආධිපත්යය පැතිරුවත් අපේ කොල්ලෝ පොටක් පෑදෙනකල් ගේම අල්ලන් හිටියා…
අන්තිමට ඕමාන තරගයේ මිනිස්සු පළු යන්න බැනපු දුශාන් හේමන්ත ඇවිත් අද දවසේ වීරයා වෙනවා. අපේ පන්දු යවන්නන්ට පන්නා පන්නා ගහපු ට්රැවීස් හෙඩ්, මිච් මාර්ෂ් දෙන්නම දුශාන්ගේ ගොඳුරු වෙනවා.
ජෝෂ් ඉංග්ලිස්ගේ ස්ටම්ප් කිරීමත් කුසල් මෙන්ඩිස් ලබාගත්තා නම් තරගය මීටත් වඩා වෙනස් වෙන්න තිබ්බා.
කොහොම නමුත් කොල්ලා අරන් දීපු momentum එක ඩෙත් ඕවර්ස් වලට එද්දී සම්පූර්ණයෙන් අපේ පන්දු යවන්නෝ අනසක පතුරවනවා. ඒ අපේ හොඳම ඩෙත් බෝලර් මතීෂත් නැතුව… හැබැයි මතීෂ නැති අඩුව අපේ ජේෂ්ඨයා දැනෙන්න දුන්නේ නැ… චමීර ඇතුළු අපේ බෝලර්ස්ලා ඩෙත් එකේ කඩුලු 6ක් දවා ගන්නවා. ඒ ලකුණු 21ක් විතරක් දීලා…
මැද පන්දුවාර වල දුශාන් එක්ක වෙල්ලාලගේ කමිඳු අපිට කඩුලු අරන් දෙනවා. ලකුණු 200+ නියත වශයෙන් තිබුණු ඉනිමක් තමයි අපි 181කට තියාගන්නේ…
මං හිතනවා දැන් තමයි කුසල් මෙන්ඩිස් එයාගේ ලස්සන ගේම් එක ප්ලේ කරන්නේ… ඒ අංක තුන පිතිකරුවෙක් ලෙස.. වෙනදා දකින මෙන්ඩිස් නෙමෙයි දැන් මාරම පරිණත මෙන්ඩිස් කෙනෙක් ක්රීඩා කරනවා පේනවා.
ඒ ඉනිම් ඊට සහතික සපයනවා. අනිත් පිතිකරුවන්ට සහයෝගය දෙමින් ශ්රී ලංකා කන්ඩායම රැගෙන යන්න ඕනි මාර්ගයේ රැගෙන යන්න ඔහු උත්සාහ කරනවා.
අද පැතුම්ගේ මේ අගනා ශතකයටත් ඔහුගේ ඉනිම වෙස්වලාගත් ආශිර්වාදයක් වුනා. ඒ සබඳතාවය නිසා තමයි පැතුම්ට මේ තරම් විශිෂ්ට ශතකයක් ගහන්න පුළුවන් වුනේ…
මහේලගෙන් පස්සේ ලෝක කුසලානයක පිට පිට අර්ධ ශතක තුනක් ගහපු දෙවෙනි ශ්රී ලාංකිකයා වෙලා මෙන්ඩිස් අදත් එයාගේ සුපුරුදු අර්ධ ශතක ඉනිම දියත් කරා..
මේ ඉනිමෙන් පස්සේ පැතුම් නිස්සංක නතර නොවී තමන්ගේ ඉනිම දිගටම අරන් යනවා. ඒ අතරේ මෙන්ඩිස් අවුට් වුනාට පස්සේ ආපු යොවුන් ක්රීඩක පවන් රත්නායක පැතුම්ට චුට්ටක්වත් පීඩනයක් දෙන්නේ නැතුව මුහුණ දීපු පලමු පන්දු දෙකෙන්ම හතරේ පහරවල් දෙකක් රැස් කරලා නැවතත් පීඩනය ඕස්ට්රේලියාව දෙසට හරවනවා.
මෙන්ඩිස්ගෙන් පස්සේ පවන් ඇවිත් දීපු සපෝර්ට් එකත් පැතුම්ට මේ ඓතිහාසික ශතකය කරා යන්න ලොකු ශක්තියක් වෙනවා.
කාලෙකට පස්සේ අපේ අංක හතරට ගැලපෙනම චරිතයක් ලැබිලා තියෙනවා. මේ මැණික නිසියාකාරව බලා ගන්න එක අපි කල යුතුව තිබෙනවා.
පැතුම්ගේ ඉනිම… තනිකරම පිස්සුවක්… ඕස්ට්රේලියානු පන්දු යවන්නන් පිච්චියට මායිම් නොකර ගහපු ඉනිමක්… එයාලගේ හොඳම පන්දු යවන්නා වෙච්චි ඇඩම් සම්පාටවත් ඔලුව උස්සන්න දුන්නේ නැ…
කාලෙකින් අපේ එවුන් මෙහෙම ලෝකේ top team එකක බෝලර්ස්ලට පන්නා පන්නා ගහනවා දැක්කේ…
වචනයෙන් පරිසමාප්තියෙන්ම අතිවිශිෂ්ඨ ඉනිමක්..!
අවසානයේ පැතුම් ඉනිම කෙලවර කරේ අවුරුදු 17කට පස්සේ ඕස්ට්රේලියාව පරාජය කරමින් ශ්රී ලංකාවට ලෝක කුසලාන ජයග්රහණයකුත් හිමිකර දීලා…
ඒ අනුව 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය පරාජය කරාට පස්සේ අවුරුදු 12කට පස්සේ ලෝක කුසලානයකදී අපි SENA රටකට එරෙහිව තරගයක් ජය ගන්නවා. ලංකාව T20 ලෝක කුසලාන ඉතිහාසයේ හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්යාව ලෙස මෙය ඇතුළත් වෙනවා. 2009 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පස්සේ අවුරුදු 17කින් අපි ඕස්ට්රේලියාවට එරෙහිව T20 ලෝක කුසලානයක ජයග්රහණයක් ලබනවා.
පතිරණගේ තත්ත්වය හොඳ වෙයි කියලා ප්රාර්ථනා කරනවා. ඒක එහෙම වුනොත් ටොප් ඕඩර් එකේ KJP ඊලග එකේ ෆයර් වුනොත් අපේ Batting Lineup එකම වගේ සාර්ථක වෙලා… ඇත්තටම සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන් බැලන්ස් ටීම් එකක් අපිට දැන් ඉන්නවා.
Keep it up Boys!
✍ | Rishie Bro







