එළැඹෙන IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වෙන ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශ වුනා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙක් මේ ලැයිස්තුවට ඇතුලත් වෙනවා.
ඒ අනුව,
වනිඳු හසරංග – 2 Cr
මහීෂ් තීක්ෂණ – 2 Cr
මතීෂ පතිරණ – 2 Cr
චරිත් අසලංක – 1 Cr
කුසල් පෙරේරා – 1 Cr
පැතුම් නිස්සංක – 0.75 Cr
දසුන් ශානක – 0.75 Cr
කුසල් මෙන්ඩිස් – 0.75 Cr
බිනුර ප්‍රනාන්දු – 0.75 Cr
විජයකාන්ත් වියස්කාන්ත් – 0.75 Cr
දුනිත් වෙල්ලාලගේ – 0.75 Cr
ට්‍රැවීන් මැතිව් – 0.30 Cr
ලෙස ඉදිරිපත් වෙනවා.
මේවන විටත් කමිඳු මෙන්ඩිස් සහ එශාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායම සමගත් නුවන් තුෂාර වත්මන් ශූර RCB කන්ඩායම තුලත් දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කන්ඩායම තුලත් රඳවාගෙන හමාරයි.
ඒ අනුව මෙවර වෙන්දේසියේදී ඉහත ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකුට එළැඹෙන ක්‍රීඩක වෙන්දේසීයේදී අලෙවී වීමට වැඩි ඉඩක් තියෙනවා.
01. වනිඳු හසරංග

කෝටි 5.25කට රාජස්ථානය ලබාගත් වනිඳුව මෙවර සිය කන්ඩායමෙන් නිදහස් කරලා තියෙනවා. කෙසේ වුනත් ඔහුව යලිත් අඩු මුදලකට රාජස්ථාන් කන්ඩායම මිලදී ගන්න හැකියාවක් තියෙනවා. පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරන නිසා ඊට වැඩි අවස්ථාවක් තියෙනවා.
ඒ වගේම හයිද්‍රාබාද් , කොල්කටා කන්ඩායම් වලත් හොඳ ලෙග් ස්පිනර් කෙනෙක් නැ… ඒ නිසා ඒ කන්ඩායම් වලත් දැනට පේන්න ලොකු ඉඩක් වනිඳුට තියෙනවා.
02. මතීෂ පතිරණ

මතීෂව CSK ලා තියාගෙන හිටියේ කෝටි 13කට… සමහරවිට ඊට වඩා අඩු ගානකට පුළුවන් උනොත් නැවත මතීෂව CSK වලට ගන්න ඉඩකඩ වැඩියි… ඒ නැතත් මතීෂ වගේ කෙනෙක් මේ සෑම කන්ඩායමකට වටිනවා. මේ දක්වා IPL වල එයා පෙන්නලා තියෙන දක්ෂතා එක්ක බොහෝ දුරට මතීෂව කන්ඩායමක් විසින් මිලට ගන්න තියෙන ඉඩකඩ වැඩියි.
03. පැතුම් නිස්සංක
මේ දවස්වල ILT20 එකේ පෙන්වන දක්ෂතා එක්ක පැතුම් නිස්සංක IPL වලට නොගෙන ඉන්න හේතුවක් නැ… කාලයක් විස්සයි විස්ස පිටියේ ලකුණු ලබා ගත්තත් ඔහුව කිසිම කන්ඩායමක් විසින් ලබා නොගන්න හේතුවක් වුනේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය.. හැබැයි දැන් ඔහු එය හදාගෙන තියෙනවා. අන්තිම අවුරුදු දෙකේ පැතුම් ලබලා තියෙන මේ දියුණුවත් එක්ක මේ පාර ලොකු ලංසුවකට යන්නත් පැතුම්ට හැකියාව තියෙනවා.
කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් කන්ඩායමේ ආරම්භක පිතිකරුවන් ඉඩක් තියෙනවා. එයිනුත් කොල්කටා කන්ඩායමේ වැඩි ඉඩක් තියෙනවා. ඊට අමතරව අනිත් කන්ඩායම් වුනත් පැතුම් ගැන ඉව අල්ලගෙන ඉන්න බැරි නැ..
04. ට්‍රැවීන් මැතීව්

ට්‍රැවීන් කියන්නේ පසුගිය ලංකා T10 තරගාවලියේ වැඩිම කඩුලුලාභියා.. ඒ වගේම නිමා වූ යොවුන් ආසියානු කුසලානයේ ඉහල දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්… නැගීඑන Mystery Spinner කෙනෙක් විදිහට දක්ෂතා දක්වන ට්‍රැවීන් මෙවර වෙන්දේසියේ ඉන්නේ ලක්ෂ 30ක අඩු මූලික මිලකට…
මේ නිසාම ට්‍රැවින්ව ගන්න තියෙන ඉඩකඩ වැඩියි… විශේෂයෙන්ම මේ පාර තීක්ෂණ ක්‍රීඩා කරපු රාජස්ථාන් සහ CSK වුනත් ට්‍රැවීන් ගැන ඇහැ ගහගෙන ඉන්න බැරි නැ… මොකද තීක්ෂණ ගන්නවට වඩා ට්‍රැවීන් ගන්න එක එයාලට ලාභයි. KKR හැරෙන්න අනිත් කන්ඩායම් කොල්ලට තරගයක් දෙයි කියලා හිතනවා.
මේ ටික තමයි රිෂීට හිතෙන විදිහට මෙවර වෙන්දේසියෙන් අලෙවි වෙයි කියලා හිතෙන්නේ… හැබැයි සමහර විට මේක අඩු වෙන්නත් පුළුවන් නැත්නම් වැඩි වෙන්නත් පුළුවන්…
තව දසුන් ශානක සහ වියස්කාන්ත්ටත් පොඩි ඉඩක් නැතුවාම නෙමෙයි. Auction එකෙන් නොගත්තත් Injury Replacement එකක් විදිහට හරි යන්න පුළුවන් දෙන්නෙක්…
කොහොම වුනත් මේක වෙන්දේසියක්…
අචින්ති තම්පි බවති – චින්ති තම්පි විනස්සති ! හිතන දේ වෙන් නැ.. වෙන දේ හිතාගන්න බැ… සමහරවිට අපි නොහිතන දේවල් වෙන්න පුළුවන්..
තව බොහොම ටික දවසයි. දෙසැම්බර් 16 වෙනිදාට සියල්ල තීරණය වෙයි… අපේ ක්‍රීඩකයින් සියලුම දෙනාට සුබපැතුම් !
✍️ සටහන: Rishie Bro
🏏 ක්‍රීඩා මාධ්‍යවේදී
🌐 www.ApeRata.net







