ඔව් අපි පැරදුනා…
හැබැයි තමන්ගේ නායකත්වය යටතේ කන්ඩායමට ගෙනාපු පොඩි එකා වෙනුවෙන් වෙල්ලාගේ තාත්තට දෙන්න පුලුවන් හොඳම ගෞරවය දෙන්න දස්සා මේ තරගයේදී උත්සාහ කරා…❤️🙌
ප්‍රෙෂර් සිටුවේශන් එකක ඇවිත් වෙලා අරන් විකට් එකට සෙට් වෙලා තර්ජනයක් වුන ස්පින් ඕවර්ස් ටික ඉවර වෙනකල් ගේම් එක ඇදගෙන ගිහිල්ලා ඕනම වෙලාවේ පහරවල් එල්ල කරලා ග්‍රවුන්ඩ් එකේ short Boundaries ටාර්ගට් කරලා ලස්සනට Runs ගහලා අන්තිම වෙනකල් විකට් එකේ ඉදලා ෆිනිෂර් කෙනෙක් විදිහට තමන්ගේ T20i Career එකේ දෙවෙනි හොඳම ඉනිම ගහලා ලස්සනට ගේම් එක ෆිනිෂ් කරා… අන්තිම ඕවරේ ඒ පන්දු දෙක තුනත් වැදුනා නම් මීට වඩා ලොකු ඩැමේජ් එකක් කරලා…👌
නොදැවී ලකුණු – 64
පන්දු – 37
හතරේ පහරවල් – 3
හයේ පහරවල් – 6
ප්‍රහාරාත්මක වේගය – 172.97
එතැනින් නතර වුනෙත් නැ…
අන්තිම පන්දුව වෙනකල් ගේම් එක ගෙනියන්න මාර Effort එකක් දීලා අන්තිම ඕවරේ ලකුණු 5ටත් ඇටෑක් කරලා ලකුණු 21කට කඩුලු 2ක් අරන් පරදිනවා කියලා දැන දැනත් අන්තිම මොහොත වෙනකල් තරගය ගෙනියන්න මාර උත්සාහයක් ගත්තා.. කමිඳු වෙනුවට ඒ පන්දුවාරයත් දසුන්ගෙන් අරන් එයාගේ දවස වෙලා තිබුන මේ තරගයේ එයාගේ පන්දුවාර 4න්ම වැඩක් ගන්න බැලුවා නම් සමහරවිට තරගයම වෙනස් වෙන්නත් තිබ්බා…!
Anyway Well Played දස්සා..❤️
කාලෙකට පස්සේ ඔයාගෙන් බලාගෙන හිටපු All Round Performance එකක් දැක්කා…🙌
✍️ | Rishie Bro







