BREAKING NEWS
Search

ඉවතලන ප්ලාස්ටික් මූඩිවලින් අලුත් වැඩක් මෙන්න .අපේ රටේ දක්ශයින්ගේ තවත් කතාවක්

285

 

 

රටක ජන ගහනය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රටේ අපද්‍රව්‍ය වැඩි වීමද සාමන්‍ය තත්වයක් .නමුත් එය ප්‍රමාණය ඉක්මවා යාම ගැටලුකාරී තත්වයකි.කොහොම වුණත් ප්ලාස්ටික් කියන්නේ වර්තමානයේ බොහෝ ගැටළුකාරී තත්වයක් ගෙන දෙන ද්‍රව්‍යයක්.

විශේෂයෙන්ම පානීය ජලය සඳහා භාවිතා කරනු ලබන ප්ලාස්ටික් බෝතල් ඉවතලීම නිසා විශාල වශයෙන් ම පොදු ස්ථාන වල ඒවා ගොඩ ගැසීමක් සිදු වෙනවා .ඉතින් මේ කියන්න යන්නේ ඒ විදියට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගෙන කරපු හරි අපූර්ව නිර්මාණයක් ගැන.
අක්‍රමවත් ලෙස බැහැර කරන ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් මරදාන දුම්රිය ස්ථානයේ මගී ආසනයක් නිර්මාණය කිරමේ පුවතක් ගැන දැන ගන්නට ලැබුණා.
මේ එලදායි නිර්මාණය කරලා තියෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් විසින් . ඔවුන් පුද්ගලික ආයතනය සහයෝගය ද ඇතුව මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ.
නිර්මාණය කළ මෙම මගී ආසනය නොවැම්බර් මස 05 වන දින මරදාන දුම්රිය ස්ථානයට ලබා දීමට කටයුතු කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ.
පරිසරය අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් සිදුකිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූ අතර ඉකුත් 05 දින එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථානයේ දී මගී ජනතාවගේ භාවිතය උදෙසා විවෘත කෙරුණා.
ඔබත් මරදාන දුම්රිය ස්ථානයට යනවා නම් ඔබටත් මේ ආසනය දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා .

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!