BREAKING NEWS
Search

වන අලි රැකගන්න නව තාක්ෂණයත් එක්ක දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක් මෙන්න

668

 

 

වනඅලි දුම්රියේ ගැටීම් බහුලව සිදුවීම හේතුවෙන් එම අනතුරු වළක්වාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන දුම්රිය මාර්ගවල වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව සවිකළ CCTV කැමරා පද්ධතියේ සොයා බැලීමක් (10) සිදුකළේය.

මෙම කැමරා පද්ධතිය අබන්පොළ කාසිකොටේ වනඅලි මාරුවන දුම්රිය උමං මාර්ගය අසල මෙන්ම ගල්ඔය සහ මින්නේරිය ප්‍රදේශයන්හි වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව මීට මාස 2කට පමණ ඉහතදී ස්ථාපිත කරනු ලැබීය.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම කැමරා පද්ධතියට ‘සෝලාපැනල්’ මාර්ගයෙන් විදුලිය ලැබේ.

කැමරාවේ පටිගතවන දර්ශන අනුව වනඅලි දුම්රිය මාර්ගයේ සිටී GPS හරහා සංඥාවක් අනුරාධපුරය ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයට ලැබෙන තාක්ෂණයක් ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

එහි දර්ශන අනුව එම අවස්ථාවේ දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රියන්හි රියදුරන් දැනුම්වත් කරනු ලබයි.

මෙම නිරික්ෂණ චාරිකාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක් වූහ.

එහිදී ඔහු සඳහන්කර සිටියේ, මෙවැනි එක් කැමරාවක් සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 20,000ක පමණ මුදලක් වැය වන බවයි.

ඒ හේතුවෙන් සම්පත් දායකින් සිටිනවා නම් ඔවුන්ට මෙම කැමරා පද්ධති ලබාදිය හැකි බවත්, එසේ වුවහොත් දුම්රිය මාර්ගයේ වනඅලි බහුවල සිටින ස්ථාන ආශ්‍රිතව තවත් කැමරා සවිකිරීමට හැකිවනු ඇති බව පැවසීය.

source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!