BREAKING NEWS
Search

අධිවේගයේදී ගිනිගත් බසයකින් මගී ජීවිත 41ක් බේරාගත් රියදුරු සහ කොන්දොස්තර

1049

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් අද (01) උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබුණි.

මෙලෙස ගිනිගෙන තිබුණේ ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයකි.

බස් රථයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී එහි ගින්නක් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් ගින්න හටගැනීමට පෙර අදාළ බස් රථ රියදුරු සහ කොන්දොස්තර මහතා එක්ව මඟින් සියලුදෙනා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

බස් රථය ගිනිගැනීමට ලක්වන අවස්ථාවේදී මගීන් 41 දෙනෙකුගේ බස් රථය තුළ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!