BREAKING NEWS
Search

ඇල්ල බිහිසුණු අනතුර ගැන ඇසෙන තවත් ඇඟ කිලිපොළා යන කතාවක් මෙන්න..

14858

 

 

ඊයේ රාත්‍රියේ ඒ ඇසුණු අනතුරෙන් බොහෝ දෙනෙක් කම්පාවට පත් වුණා..

ඒ විතරක් නෙවෙයි තවමත් බොහෝ දෙනා මේ සිද්ධිය නිසා කම්පනයෙන් පසුවෙනවා කිව්වොත් හරි..

මේ කියන්න යන්නේ අන්න ඒ මාරක බස් අනතුර ගැන තවත් එක් හද සසල කරන කතා කිහිපයක්..

ඇල්ල- වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණාඇල්ල අතර කොටසේ 15 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා..

ඊයේ රාත්‍රී 09.00ට පමණ ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා..

අනතුරට පත් බස් රථයේ රියදුරු සමඟ බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති අතර මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා..

තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 06 ක්, කාන්තාවන් 05 ක්, පිරිමි ළමුන් 03 ක් හා ගැහැණු ළමුන් 02 ක් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර, තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වෙන්නේ..

අනතුරට පත් පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ..

මෘත ශරීර දියතලාව, බදුල්ල හා බණ්ඩාර වෙල රෝහල්වල මෘත ශරීරාගාර තුල තැන්පත් කර තිබෙනවා.. අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..

source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!