BREAKING NEWS
Search

දින 178ක් අභ්‍යවකාශයේ සිටි ගගනගාමියා පෘථිවිය දෙස බලා කී ‘ලොකුම බොරුව’ මෙන්න

4

 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station – ISS) දින 178ක් ගතකිරීමෙන් පසු, නාසා ගගනගාමී Ron Garan නැවත පෘථිවියට පැමිණියේ මුළු ලෝකයම දෙස බලන ආකාරය වෙනස් කරන අපූරු දැක්මක් ද රැගෙනයි.

අභ්‍යවකාශයේ සිට බලන කල අපගේ පෘථිවිය දිස්වන්නේ දීප්තිමත් නිල් පැහැති තනි ඒකකයක් ලෙසයි. එහි දේශසීමා නැත, රටවල් ලෙස බෙදීම් නැත; ඇත්තේ අභ්‍යවකාශය තුළ පාවෙමින් පවතින අප සැමගේ එකම නිවහන පමණි. පොළොව මත සිට අප මරාගන්නා දේශසීමා ඉරි, ඉහළ අහසේ සිට බලන විට පෙනෙන්නටවත් නැත.

Garan අභ්‍යවකාශයේ සිට පෘථිවියේ අස්ථාවර බව ඉතා සමීපව අත් වින්දේය. මුළු මහත් ජීවයම ආරක්ෂා කරමින් පවතින ඉතා තුනී නිල් පැහැති වායුගෝලය, මහාද්වීප හරහා විහිදෙන අකුණු කුණාටු සහ ධ්‍රැවාසන්නව දිස්වන ආලෝක රටා (Auroras) ඔහු දුටුවේය.

මෙය විද්‍යාඥයින් ‘Overview Effect’ ලෙස හඳුන්වන අතර, මෙම දසුන විශ්වය තුළ මිනිසාගේ ස්ථානය පිළිබඳ ඔහුගේ වැටහීම සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. අපගේ ප්‍රමුඛතා (Priorities) කොතරම් වැරදි සහගතද යන්න ඔහුට පසක් විය.

Garan තර්ක කරන ආකාරයට මනුෂ්‍ය වර්ගයා ලෝකයේ පැවැත්ම පෙළගස්වා ගෙන ඇත්තේ වැරදි අනුපිළිවෙලකටයි. ආර්ථිකය (Economy) සියල්ලටම වඩා ඉහළින් තැබීම වෙනුවට, සැබෑ ධුරාවලිය විය යුත්තේ පළමුව පෘථිවිය (Planet), දෙවනුව සමාජය (Society) සහ අවසානයට ආර්ථිකය (Economy) ලෙසයි.

“පෘථිවිය යනු අපට අයිති වස්තුවක් නොවෙයි, එය අප සැමට පොදු අභ්‍යවකාශ යානයක් (Shared Spacecraft). ඒ වගේම සෑම මනුෂ්‍යයෙක්ම එහි කාර්ය මණ්ඩලයේ (Crew) සාමාජිකයෙක් මිස නිකම්ම නිකන් මගියෙක් (Passenger) නෙවෙයි,” ඔහු පවසයි.

අපගේ අනාගතය රඳා පවතින්නේ එක් සරල සත්‍යයක් වටහා ගැනීම මතයි: එනම්, පොළොව මත සිටින විට අපව බෙදා වෙන් කරන සියල්ල, අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙස බලන ඒ මොහොතේම අතුරුදහන් වී යන බවයි.

By Tharanga Gamage




Leave a Reply

Your email address will not be published. Required fields are marked *