BREAKING NEWS
Search

වෙල්යායේ දමාගිය බිලිදිය ගැන රජය ගත් තීරණය මෙන්න. පලමු වරට කිරිකැටියා දෑතටගත් පුද්ගලයා ගැන විස්තරත් මෙන්න

9848

කුරුණෑගල මාවතගම වෙල්යායක අත්හැර දමාගිය බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන එම බිලිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශයෙකු ‘අද දෙරණ’ට සඳහන් කළේය.

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක ගසක් යට දමාගොස් සිටියදී බිලිඳියක් හමුවූයේ ඊයේ (17) පෙරවරුවේදීය.

අනතුරුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම බිලිඳිය පළමුවෙන් මාවතගම රෝහලට ඇතුළත් කළේය.

පසුව මෙම බිලිඳය ඇතුළුකරනු ලැබුවේ, කුරුණෑගල ශික්ෂණ රෝහලටය.

මේ අතර ඊයේ මෙම බිලිඳාව, පැලඳ සිටි ටී ෂර්ටය ගලවා ඉන් ආවරණය කර දෑතට ගත් පුද්ගලයා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වුණි.

ඒ පොලීසියේ ඉල්ලීම මත බිලිඳියව අත්දෙකට ගැනීමට එම ස්ථානයේ සිටි කාන්තාවන් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

ඕවත්තාවෙල, වෑ උඩ ප්‍රදේශයේදී පදිංචිකරුවෙකු වන P.A.චන්දන කුමාර ජයවර්ධන නැමැති මොහු වෘත්තියෙන් රියැදුරුවරයෙකි.

මේ අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජි පෝල්රාජ් මහත්මිය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, මෙම බිලිඳියගේ මව සොයා මේ වන විට විමර්ශන සිදුකරන බවය.

එමෙන්ම, කැපකරු මාපිය ක්‍රමය සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!