BREAKING NEWS
Search

ළිදට වැටුනු පොල් ගෙඩියක් ගැනීමට ගිය සය හැවිරිදි පුංචි මල් කැකුළකට අත්වූ සංවේදී ඉරණම මෙන්න

3223

 

පොල්පිතිගම ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු පොල් ගෙඩියක් ගැනීමට උත්සාහ කළ සය හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුවී ඇත්තේ පසුගිය අගෝස්තු 31 වන දිනයි. මෙලෙස මියගොස් ඇත්තේ කඩවල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මිනුක සත්සර බාලසූරිය නමැති දරුවෙකි.

 

දරුවාගේ පියා නිවසේ සිටි අවස්ථාවක ළිඳට වැටුණු පොල් ගෙඩිය පිළිබඳව දරුවා ඔහුට පෙන්වා ඇති අතර, පියා එය පසුව ගන්නා බව පවසා දරුවා එම ස්ථානයෙන් ඉවත් කර ඇත. කෙසේ වෙතත්,

පසුව තනිවම ළිඳ අසලට ගොස් ඇති දරුවා, ළිඳට බැසීමට උත්සාහ කිරීමේදී පය ලිස්සා යාමෙන් මෙම අනතුරට ලක්වී තිබේ.

දරුවා නිවසේ නොමැති බව දැනී සෙවීමේදී ළිඳේ පාවෙමින් තිබූ ඔහුගේ සිරුර සොයාගෙන පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කළද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමු කර ඇති අතර, පොල්පිතිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!