BREAKING NEWS
Search

භාතිය හස්තියා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

6926

භාතිය නිදා සිටින ඇලය මාරු කිරීම හෙට

මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය ඇතාගේ මේ වන විට ශරීරයේ තිබූ තුවාල බොහෝමයක් සුව වෙමින් පවතින බව පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා කියා සිටියේය.

සිලම්බු අඩිය ගැලවී ගිය කකුලට ප්‍රතිකාර කිරීම ඊයේත් සිදු කෙරුණි.

වෙනදාට සාපේක්ෂව භාතිය හස්තියා මේ වන විට හොදින් ආහාර ලබාගන්නා බවද වාර්තා වේ. මහව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා දිවා රාත්‍රී කැපවීමෙන් කටයුතු කරනු දැක ගත හැකිය.

භාතිය හස්තියා නිදා සිටින ඇලය වෙනස් කිරීම ලබන සඳුදා(14) සිදු කරන බව පශු වෛද්‍ය තරිදු විජේකෝන් මහතා පැවසීය. ඒ සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!