BREAKING NEWS
Search

උද්දිකගේ නඩුවේ අලුත්ම ආරංචිය මෙන්න …

3454

 

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න කලක් පුවත් මවන දේශපාලන චරිතයක් වුණා..

ඉතිං මේ කියන්න හදන්නේ ඔහු ගැන ඇසෙන අලුත්ම ආරංචිය ගැනයි …

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළ නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කළා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය යළි කැඳවූ අවස්ථාවේදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන උදෘත ඉකුත් පෙබරවාරි මස 17 වැනිදා නිතිපති උපදෙස් සදහා ඉදිරිපත් කළ බවයි.

එම උපදෙස් මෙතෙක් ලැබී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත තුරුත් නොලැබීම මත සිය සේවාදායකයාට විශාල අගතියක් සිදුව ඇති බවයි.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට අත් අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම රිමාන්ඩ් බාරයට පත් කර පසුව ඇප මත මුදා හැර සිටියි.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *