පසුගියදා ශ්‍රී ලංකා පකිස්තාන තරගය දින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවාතැන්ගත් රාවල්පින්ඩිට කි.මී 17ක් දුරින් පිපිරී ගිය බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ආරක්ෂක තත්වය පිළිබඳ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අකමැත්ත පල කරා…
මේ පිළිබඳ විමසා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත කණ්ඩායමක් පාකිස්තානය වෙත ගිහින් තියෙනවා.
ඒ වගේම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ලබාදීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.
තවද යම් ක්‍රීඩකයෙක් සිය අභිමතය පරිදි තරගාවලිය ක්‍රීඩා නොකර ලංකාවට පැමිණියහොත් ආදේශක ක්‍රීඩකයන් යොදා තරගාවලිය අඛණ්ඩව පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
එසේ පැමිණෙන ක්‍රීඩකයන්ට තම තීරණයට හේතු දැක්වීම සඳහා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර තිබෙනවා.
මේ අතර ඇති වූ ආරක්ෂක ගැටලුව විසඳීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඍජුව මැදිහත් වී තිබෙන බව වාර්තා වෙනවා.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පකිස්ථානයේ ඉහළම ආරක්ෂක නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡා පවත්වා ඇති අතර PCB සභාපති මොහ්සින් නක්වි ද ඊයේ රාත්‍රියේ ක්‍රීඩකයින් හමුවී ඔවුන්ට ඔවුන්ගේ ආරක්ෂාව ගැන සහතික වි තිබෙනවා.
දැන් වැඩි දියුණු කළ ආරක්ෂක පියවරයන් සමඟ, ඉතිරි එක්දින තරග දෙක සිකුරාදා සහ ඉරිදා දිනවල රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලියෙන් පසුව ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා, සිම්බාබ්වේ සහ පකිස්තාන විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ නමුත් පවතින ආරක්ෂක තත්ත්වය මත දැන් එම තරගාවලියත් රාවල්පින්ඩි හීදිම පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇත.
ඒ අනුව ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ නව කාලසටහන මෙසේයි. 🏏🏟️🇵🇰🇱🇰🇿🇼
18 November – Pakistan v Zimbabwe
20 November – Sri Lanka v Zimbabwe
22 November – Pakistan v Sri Lanka
23 November – Pakistan v Zimbabwe
25 November – Sri Lanka v Zimbabwe
27 November – Pakistan v Sri Lanka
29 November – Final
✍️ | Rishie Bro







