BREAKING NEWS
Search

සුළි කුණාටුවෙන් නිවස සම්පූර්ණයෙන්ම නැති වූ අයට දෙන නව නිවස මෙන්න.

670

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල යටතේ වන්දි මුදල් ලබාදීමේ සහ නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්ට අදාළව ආරම්භ වේ.
මෙම වැඩසටහන යටතේ, ආපදාව හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50 ක් රජය විසින් ප්‍රදානය කරයි.

මීට අදාළ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් 06 දින නිකුත් කරන ලදී.

මෙහිදී යම් නිවසකට පූර්ණ හානි සිදු වූ බවට හඳුනා ගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්වචන අනුව සිදු කෙරේ.

මෙම සමාරම්භක වැඩසටහන අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ දී ආරම්භ කරන අතර, ඊට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුන්ගම, රාජාංගණය, සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්ධිය, රිදීගම, දොඩන්ගස්ලන්ද යන ප්‍රදේශවල දී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමේ හා වන්දි මුදල් ලබාදීමේ වැඩසටහන් (09) ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!