BREAKING NEWS
Search

කොට්ටහච්චිලා රුවන්ලා තුෂාරිලා එක්ක ජගත් මනුවර්ණට ලැබුණු අලුත් තනතුර මෙන්න

3060

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පත්වී තිබෙනවා.

එම සංසදයේ සමාරම්භක රැස්වීම ඊයේ (11) පැවැත්වුණු අතර, එහිදී සභාපතිවරයා ලෙස ජගත් මනුවර්ණගේ නම යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි යන අය තේරී පත්වී තිබෙනවා.

සංසදයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සංසදය යළිත් ලබන 22 වැනිදා රැස්වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!