BREAKING NEWS
Search

ලොව ‘ වයස්ගතවම උපන් බිළිඳා ‘ ගැන ඇසෙන ලොවක් මවිත කල පුවත මෙන්න

3923

 

 

ලොව “වයස්ගතවම උපන් බිලිඳා” එක්සත් ජනපදයේ උපත ලබා තිබේ.

2025 ජූලි 26 වන දින ලෝකයට පිවිසි තැඩියස් ඩැනියෙල් පියර්ස් උපත ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම කලලය නිර්මාණය කරන ලද්දේ 1994 දී ය.

කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇත.

ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කලලය මාරු කර ඇත.

දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!