1924 වර්ෂයේදී “හිදෙසබුරෝ උඑනො” නැමති මහාචාර්‍යවරයෙක් අකිතා වර්ගයේ “හචිකෝ” නම්වූ බලු පැටවෙක් නිවසට රැගෙන එනවා. සෑම දිනකම හචිකෝ, නිවසේ සිට සිය ස්වාමියා සමඟ තෝකියෝහි වන ශිබුයා දුම් රියපොළ වෙත ඇවිද යනවා. ඉන් පසු සවස් යාමයේ තම ස්වාමියා රාජකාරි අවසන් කර යලි පැමිනෙන සවස් යාමයේ තම නැවතත් දුම් රිය පළ වෙත ලඟාවෙනවා.
1925 මැයි මස 25වන දින, මහාචාර්ය උඑනො රැකියාව අතරතුර මස්තිෂ්ක රුධිර වහනයකට ගොදුරුවී හදිසියේම මිය යනවා. ඒ සමඟම ඔහුට යලි කිසිදා යලි නිවෙස් කරා පැමිණීමට නොහැකි වනවා.
මේ සන්ද්‍යාවේත් වෙනදා මෙන්ම හචිකෝ තම ස්වාමියා සොයා දුම් රිය පළ වෙත ගොස් ඔහු එන තෙක් බලාසිටිනවා. නමුත් මහාචාර්යවරයා මුණ නොගැසෙන හචිකෝ යලිත් නිවෙස වෙත යනවා. ඊලඟ දින තුනම හචිකෝ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
කෙසේ වෙතත් හචිකෝ දුම් රිය පළ වෙත යාම අත් හැරීම සිදුකළේ නැත. ඉන් අනතුරුව වූ වසර නවයකුත් මාස නවයක් සහ දින පහළවක් පුරාවටම ඔහු තම ස්වාමියා සමුගත් ප්‍රවේශපත් කවුළුව අසල වර්ෂාව, හිම පතනය හෝ අධික හිරු එළිය නොතකා බලා සිටියේය.
මුල් කාලයේ දුම් රිය ස්ථාන සේවකයන් ඔහුට කාරුණික නොවී එලවා දැමූවත් පසුව හචිකෝගේ නොසැලෙන පක්ෂපාතීත්වය සියල්ලන්ගේම හදවත් දිනාගන්නා එකක් විය. ඔවුහු හචිකෝට ආහාර පාන ගෙනැවිත් හචිකෝව සමග ඇසුරු කිරීමට පටන් ගත්හ. විවිධ ප්‍රදේශවලින් මේ නොපසුබට සුනඛ සුරතලා දැක ගැනීමට ජනතාව ඇදී ආහ.
1932දී පලවූ පුවත්පත් ලිපියක් නිසා හචිකෝ ජපානය පුරා ජනප්‍රියත්වයට පත්වන ලදි. 1934දී ජපන් ජාතිකයින් ශිබුයා දුම් රියපළ ඉදිරිපස හචිකෝගේ ලෝහමය ප්‍රතිමාවක් ඉදි කරන ලදි. මේ පිළිමය නිරාවරණය කිරීමේ උත්සවයටත් හචිකෝ පැමිණියේය.
1935 වසරේ මාර්තු මස 8වන දින හචිකෝ දිවි ගමනට සමුදුන් අතර ඒ වන විට ඒ වන විට ඔහුට වයස අවුරුදු එකොළහක් විය. හචිකෝ මිය යන විටත් තම ස්වාමියා යලි එනතෙක් මග බලමින් සිටියේය. හචිකෝගේ සිරුර ආදාහනය කොට භෂ්ම මහාචාර්‍ය්ය උඑනෝ මිහිදන් කළ ස්ථානයට සමීපයෙන් අයෝමා සුසාන භූමියේ තැන්පත් කරන ලදි.
මේ චායාරූපය හචිකෝට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිසක් සමඟ රූපගත් වූ අවසන් සේයා රුවක් ලෙස සැලකෙන අතර අද වන විට ශිබුයා දුම් රියපළ අසල වන ප්‍රතිමාව තෝකියෝවේ වඩාත් ජනප්‍රියතම සහ ප්‍රසිද්ධම ස්ථාන වලින් එකක් වන අතර වචනයෙන් විස්තර කළ නොහැකි වූ පක්ෂපාතීත්වයේ සංඛේතයකි.







