BREAKING NEWS
Search

නුවර පෙරහැරේ ජනපති අතින් විශේෂ ඇගයමකට ලක්වූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වූ ග්‍රාම නිලධාරිනියක් ගැන ඇසෙන කතාව මෙන්න

1630

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේදී සිය නර්තන කුසලතා වෙනුවෙන් විශේෂ ඇගයීම් සහතිකයක් ලැබූ එකම නර්තන ශිල්පිනිය බවට පත්වීමට ග්‍රාම නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ මහත්මිය සමත් වූවාය.

 

මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ සහ මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය, 2012 වසරේ සිට අඛණ්ඩව දළදා පෙරහැරේ නර්තන දායකත්වය ලබා දී ඇත.

මෙවර පෙරහැරේ දස්කම් දැක්වූ 4000කට ආසන්න නර්තන හා වාදන ශිල්පීන් අතරින්, ඔවුන්ගේ දක්ෂතා ඇගයීම සඳහා පත්කළ විනිශ්චය මණ්ඩලය විසින් මෙම සම්මානය සඳහා තෝරාගනු ලැබූ එකම කාන්තා ශිල්පිනිය ඇය වීම විශේෂත්වයකි.

පෙරහැර නිමාවෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඇයට අදාළ සහතිකපත සහ මුදල් ත්‍යාගය පිරිනමන ලදී.

යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනියක ලෙස සේවය කරන ඒෂානි කුලසිංහ මහත්මිය, මෙවර ඇසළ පෙරහැරේ පත්තිනි දේවාලය නියෝජනය කරමින් සිය නර්තන අංගය ඉදිරිපත් කළාය.

gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!