විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් මගින් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා දන්වා ඇත්තේ තමා කෙටි කාලසීමාවක් සඳහා මෙම තනතුරේ වැඩභාරගත් බවය.
ඒ අනුව ඔහු සිය අස්වීමේ ලිපිය පසුගිය සිකුරාදා දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත වෙත භාර දී ඇතැයිද ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇතැයිද වාර්තා වේ.







