BREAKING NEWS
Search

අලුතු විදිහට හෝල් වලට එන අලුත් ඇවටර් ෆිල්ම් එක ගැන ඇස් උඩ යන කතාවක් මෙන්න

411

Avatar: Fire and Ash එක වගේ චිත්‍රපට හෝල් එකට එන්නේ කොහොමද කියලා දන්නවද?

අලුත් ඇවටර් (Avatar: Fire and Ash) එක බැලුවද? ඒකෙ තියෙන කොලිටියයි, සවුන්ඩ්ස්වල ලස්සනයි දැක්කම පිස්සු හැදෙනවා නේද? 🤩 ඒත් ඔබ කවදාහරි හිතුවද ඔය තරම් කොලිටි ෆිල්ම් එකක් හෝල් එකට එන්නේ කොහොමද කියලා?

ඒක අපි හිතනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. මෙන්න මේකයි ඒ පිටුපස තියෙන ක්‍රියාවලිය.

අපි සාමාන්‍යයෙන් බලන කොලිටි ෆිල්ම් එකක් 2GB හෝ 4GB වගේනේ වෙන්නේ. ඒත් දැනට හෝල් වල පෙන්නන Avatar: Fire and Ash එකේ IMAX 3D පිටපතක් 1000 GB (1 Terabyte) විතර වෙනවා. ඒ කියන්නේ අපි බලන සාමාන්‍ය ෆිල්ම් 250ක් විතර එකතු කරලා තමයි මේ එක ඇවටර් ෆිල්ම් එකක කොලිටිය හදලා තියෙන්නේ.

මේක Pen Drive එකක දාලා නෙවෙයි එන්නේ. මේක එන්නේ DCP (Digital Cinema Package) කියලා විශේෂ ෆයිල් එකක් විදියට. එක්කෝ මේක විශේෂ ආරක්ෂිත Hard Drive එකක දාලා හෝල් එකට එවනවා. නැත්නම් සැටලයිට් (Satellite) හරහා කෙලින්ම හෝල් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් කරනවා.

හෝල් එකේ අයට මේ 1TB ෆයිල් එක ලැබුණා කියලා. ඒක ප්ලේ කරන්න බැහැ. ඒක ලොක් කරලයි තියෙන්නේ. මේක අරින්න ඩිස්ට්‍රිබියුටර්ස්ලා විශේෂ ඩිජිටල් යතුරක් (KDM එකක්) ඊමේල් කරනවා.

ඒ යතුර වැඩ කරන්නේ, අදාළ සිනමා ශාලාවට විතරයි.
හෝල් එකේ තියෙන අදාළ ප්‍රොජෙක්ටරයට විතරයි.
ඒ වගේම නියමිත දවස් ගණනට විතරයි! (කාලය ඉවර වුණ ගමන් ෆිල්ම් එක ආයෙත් Lock වෙනවා).

මේතරම් ආරක්ෂා කරන්න ප්‍රධානම හේතුව තමයි “Piracy” (ෆිල්ම් එක හොරෙන් කොපි කරන එක) නවත්තන්න. අනික අර 1TB සයිස් එක නිසා තමයි අපිට අර වගේ ලස්සනට, පැහැදිලිව තිරයේ ෆිල්ම් එක පේන්නේ.

ලංකාවට එන හැටි.

ලංකාවට මේ වගේ දැවැන්ත ෆිල්ම් එකක් එන විදිය ඇත්තටම වෙනමම ක්‍රියාවලියක්. ඒක ලංකාවේ තියෙන සිනමා ජාල ( SCOP, EAP, PVR, Liberty Cinema) සහ බෙදාහරින්නන් හරහා සිදුවන වැඩක්.

මෙන්න මේවිදිහටයි ඒක වෙන්නෙ.

ලංකාවට ගොඩක් හොලිවුඩ් ෆිල්ම් එන්නේ ඉන්දියාව හරහා. “Walt Disney” (ඇවටර් අයිති ඔවුන්ට) වගේ ලොකු සමාගම්වල දකුණු ආසියානු මධ්‍යස්ථානය තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ ඒජන්තවරු (බෙදාහරින්නන්) ඒ මධ්‍යස්ථානයත් එක්ක ගිවිසුම් ගහලා තමයි ෆිල්ම් එක ලංකාවට ගේන්නේ.

කලින් කිව්වා වගේ 1TB විතර වෙන DCP ෆයිල් එක ලංකාවේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක ටිකක් අවධානම් වැඩක්.

ඒ නිසා, බෙදාහරින්නන් විසින් ඉතාමත් ආරක්ෂිතව සකස් කරපු CRU Drives (විශේෂිත හාඩ් ඩ්‍රයිව් වර්ගයක්) ගුවන් මගින් ලංකාවට ගෙන්නනවා. මේ හාඩ් ඩ්‍රයිව් එක රේගුවෙන් (Customs) නිදහස් කරගෙන ආවට පස්සේ, ලංකාවේ තියෙන ප්‍රධාන සර්වර් මධ්‍යස්ථානයකට ගෙනියනවා.

අර ලැබුණු හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන ඩේටා, ලංකාවේ තියෙන සිනමා ජාලයේ ප්‍රධාන සර්වර් එකට “Upload” කරනවා.

දැන් ලංකාවේ ප්‍රධාන සිනමා ශාලා (PVR, Colombo City Centre) ෆයිබර් ඔප්ටික් ජාල හරහා සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඉතින් ප්‍රධාන සර්වර් එකේ ඉඳන් ඒ ඒ හෝල් එකේ සර්වර් එකට ලංකාව ඇතුළේ තියෙන ජාලයක් හරහා ෆයිල් එක යවනවා.

සමහර දුර පළාත්වල තියෙන හෝල් වලට තාමත් පොඩි හාඩ් ඩ්‍රයිව් එකකට ෆිල්ම් එක කොපි කරලා බස් එකේ හරි කූරියර් එකේ හරි යවන අවස්ථාත් තියෙනවා කියලත් කියනවා. ඒක ඇත්තද නම් දන්නෙ නෑ.

ෆිල්ම් එක හෝල් වලට යවන්න කලින් අපේ රටේ චිත්‍රපට සංස්ථාවේ සෙන්සර් බෝඩ් එකට පෙන්වන්න ඕන. ඒ අය ෆිල්ම් එක බලලා “ප්‍රදර්ශනයට සුදුසුයි” කියලා සහතිකයක් දුන්නට පස්සේ තමයි හෝල් වල පෙන්වන්න අවසර ලැබෙන්නේ.

ෆිල්ම් එක හෝල් එකට ලැබුණත්, ඒක ප්ලේ කරන්න ඕන “ඩිජිටල් යතුර” (KDM) ඩිස්නි සමාගමෙන් ලංකාවට එවන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්න පැය කිහිපයකට කලින්. ඒක කෙලින්ම ඊමේල් හරහා හෝල් එකට ලැබෙනවා. ඒක නැතුව හෝල් එකේ අයටවත් ෆිල්ම් එක ප්ලේ කරලා බලන්න බැහැ.

ඉතින් ඊළඟ පාර ඇවටර් බලන්න හෝල් එකට ගියපු වෙලාවක, මේ තිරය පිටුපස තියෙන දැවැන්ත තාක්ෂණය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.

මේක තව නිවැරදි වෙන්න තියනවානම් ඒවත් කමෙන්ට් කරන්න.

–අතැඹුල–




Leave a Reply

Your email address will not be published. Required fields are marked *