BREAKING NEWS
Search

ටැංකිය උස්සන්නේ නැතිව ගෑස් තියෙන ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි. ගෘහණියන් අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස.

9020

ගෑස් සිලින්ඩරයක් ගෙදරට ගේනවා කියන්නේ නිකම්ම නිකම් යකඩ ටැංකියක් ගේනවා කියන එක නෙවෙයි. ඒක ඇතුළේ ලොකු විද්‍යාවකුත්, ඒ වගේම භයානක අනතුරු මඟහරවා ගන්න පුළුවන් රහස් කේතයකුත් හැංගිලා තියෙනවා.

මාසෙට යන ගෑස් වියදම පවා අඩු කරගන්න පුළුවන් මේ “විශ්මිත” රහස් ටික අදම දැනගන්න.

01. ගෑස් මට්ටම බලන්න “වතුර කෝප්පයේ” මැජික් එක

ගෑස් ටැංකිය උස්සලා බලලා ගෑස් මට්ටම දැනගන්න අමාරුයි නේද? දැන් ඒකට ලෙහෙසිම ක්‍රමයක් තියෙනවා. වතුර කෝප්පයක් අරන් ටැංකියේ උඩ ඉඳන් පහළට පිටත බිත්තිය දිගේ වත් කරන්න. විනාඩියකින් බලන්න. වතුර ඉක්මනින් වේලිලා යන හරියේ ගෑස් නැහැ. තෙතමනය රැඳිලා තියෙන හරියේ ගෑස් තියෙනවා. මොකද ඇතුළේ තියෙන ද්‍රව ගෑස් සීතල නිසා එතන වතුර වාෂ්ප වෙන්නේ නැහැ.

02. කහ පාට දැල්ල ඔබේ සල්ලි කා දමනවා.

ඔබේ ලිපේ දැල්ල කහ පාට නම්, ඒ කියන්නේ ගෑස් අපරාදේ අහක යනවා කියන එකයි. නිල් පාට දැල්ලෙන් කියන්නේ ගෑස් 100%ක්ම පිච්චෙනවා කියන එකයි. දැල්ල කහ වෙන්න හේතුව ලිපට “හුස්ම ගන්න” (ඔක්සිජන්) බැරි වීමයි. ලිපේ බර්නර් එක ගලවලා උණු වතුරෙන් සහ සබන් දියරයෙන් පිරිසිදු කරලා, මැජික් එකක් වගේ දැල්ල නිල් කරගන්න පුළුවන්.

03. ටැංකිය තියන්න ඕනේ මෙතනයි

කබඩ් ඇතුළේ එපා…ගෑස් වාතයට වඩා බර නිසා ලීක් වුණොත් කබඩ් එක පතුලේ එකතු වෙලා පුපුරන්න පුළුවන්. ඒ නිසා හොඳට වාතාශ්‍රය තියෙන තැනක තියන්න.
ෆ්‍රිජ් එක ඕන්/ඕෆ් වෙනකොට ඇතිවන විදුලි පුළිඟුවකින් ගෑස් ලීක් එකක් තිබුණොත් මුළු ගේම ගිනි ගන්න පුළුවන්.

ලිපේ රස්නය කෙලින්ම ටැංකියට වැදීම අනතුරුදායකයි.

04. ටැංකියේ තියෙන “ගුප්ත කේතය”

ටැංකියේ ඇතුල් පැත්තේ A-25, B-26 වගේ අකුරු ගහලා තියෙනවා දැකලා තියෙනවද? මේක තමයි ටැංකියේ කල් ඉකුත් වීමේ දිනය (Re-test date).
A – ජනවාරි සිට මාර්තු
B – අප්‍රේල් සිට ජූනි
C – ජූලි සිට සැප්තැම්බර්
D – ඔක්තෝබර් සිට දෙසැම්බර්

ඉලක්කමෙන් වර්ෂය කියවේ. (උදා: C-26 යනු 2026 සැප්තැම්බර් දක්වා පමණි). කල් ඉකුත් වූ ටැංකි ගෙදරට ගන්න එපා…

05. රෙගියුලේටරය අවුරුදු 5න් මාරු කරන්න

ඔබේ රෙගියුලේටරය අවුරුදු 10-15ක් පාවිච්චි කරන්න එපා. සාමාන්‍යයෙන් අවුරුදු 5කට වරක් එය අලුත් කළ යුතුයි. ගොඩක් වෙලාවට ගෑස් ලීක් වෙන්න බලපාන ප්‍රධානම හේතුව පරණ රෙගියුලේටර් භාවිතා කිරීමයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!