BREAKING NEWS
Search

සියල්ලන් හඬවා නික්ම ගිය පුංචි පවුලක් ගැන ඇසෙන හද කම්පා කළ ඒ කතාව මෙන්න…

19726

ඔහු වටා සිටින පිරිස ඔහු මොන තරම් හොඳ පුද්ගලයෙක්ද කියන එකට සාක්ෂි සපයනවා. අද දවසේ සමාජමාධ්‍ය තුළ මෙය තවත් එක් සංවේදී පුවතක් වෙන්නේ අන්න ඒ නිසයි.

රටට සේවයක් කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් වගේම තරුණ ජීවිතයක් මේ විදියට අහිමි වෙන එක දරාගන්න බැරි පාඩුවක්. උප පොලිස් පරීක්ශක විමුක්ති හේරත් ගැන මේ ඇසෙන්නේ සංවේදී කතාවක්.

තුල්හිරිය ප්‍රදේශයේ නාය යෑමෙන් දිවි අහිමි වූ උප පොලිස් පරීක්ශක විමුක්ති සහ ඔහුගේ බිරිදත් පුංචි දූ සිගිත්තියත් ගැන මේ වෙලාවේ බොහෝ දෙනා සංවේදීව කතා වෙනවා.

ජීවිතය ගැන අනාගතය ගැන දහස් ගණන් හීන දැක්ක මොවුන්ට සිදුවූ මේ ව්‍යවසනය ගැන බොහෝ දෙනා සිටින්නේ දැඩි කම්පනයකින්.

මෙවන් අකල් මරණයක් කිසිදු භවයක අත් නොවේවා. ඔවුන්ට ආදරය කරන පවුලේ අය, කොහොම නම් මේ හදිසි වියෝව දරාගනීවිද.? සියල්ලන් හඬවා නික්ම ගිය ඔහු ඇතුළු ඒ පුංචි පවුලට නිවන් සුව ලැබේවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!