BREAKING NEWS
Search

දෙනෝදාහක් ඉදිරියේ ලෝක ප්‍රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපස්ට සිදු වූ අකරතැබ්බය මෙන්න !

5247

 

මේ ප්‍රසංගයක් අතරතුර ප්‍රවීණ ගායිකාවක් සහ නිළියක් වන Jennifer Lopezට වුණු අකරතැබ්බක් ගැන ඇහෙන කතාවක්.

පෝලන්තයේ වෝර්සෝ නුවරදී පැවති ඇගේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී ඇඳුමේ කොටසක් ගැලවී යාමේ සිදුවීමක් නිසා මේ ආන්දෝලනය ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත් එය දක්ෂතාවයෙන් යුතුව කළමනාකරණය කර ගැනීමට ඇය සමත්ව තිබෙනවා.

‘Up All Night: Live in 2025’ නම් වූ ඇගේ සංගීත චාරිකාවේ කොටසක් ලෙස PGE Narodowy ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රසංගය පැවැත්වුණා.

ප්‍රසංගය අතරතුර ඇයගේ උපන්දිනය සමරන අවස්ථාවක් වූ අතර එහිදී ඇය ඇඳ සිටි දිදුලන සාය අනපේක්ෂිත ලෙස ගැලවී ගියා.

එවිට ඇය සිනහමුසු මුහුණින් යුතුව, “මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්!” යනුවෙන් පවසමින් තත්ත්වය සැහැල්ලුවට ගෙන එම සාය රසිකයන් වෙත විසි කරමින්, “මේක තියාගන්න, මට ආපහු ඕන නෑ!” යනුවෙන් විහිළුවකද කළා.

වහාම ක්‍රියාත්මක වූ පසුබිම් නර්තන ශිල්පියෙකු ඇයට වන අතර පසුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්, “යට ඇඳුමක් ඇඳගෙන හිටපු එක කොච්චර හොඳද!” යනුවෙන් ඇය සඳහන් කරනවා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!