BREAKING NEWS
Search

ඔයාගේ ලයිෆ් පාට්නර් ඔයාට වංචා කරලා අනියම් පෙමකට යොමු වුනොත් ඒ ලැබෙන වේදනාවෙන් මිදෙන්න තියෙන නියම විදිහ මෙන්න

6690

ඔයාගෙ Life Partner ඔයාට වංචා කරනවා කියලා හොයාගත්තාම ඔයාගෙ මුළු ලෝකයම කඩාගෙන වැටුණා වගේ දැනෙන්න ගන්නවා. පර්යේෂණවලින් පෙනී යන්නේ ද්‍රෝහිකම බොහෝ විට කම්පන රෝග ලක්ෂණ(trauma symptoms), අනන්‍යතා අර්බුදය සහ ගැඹුරු චිත්තවේගීය වේදනාව ඇති කරන බවය. නමුත් මනෝවිද්‍යාව ද ඔප්පු කරනවා – ඔයාට මානසික සුවය ලබාගැනීමට, නැවත ශක්තිමත් වෙන්න අවශ්‍යය කුසලතාවන් ගොඩනඟා ගන්න හැකියාව තියෙනවා කියලා.

චිත්තවේගීය වේදනාවෙන් මිදෙන්න අවශ්‍යය කරන මනෝවිද්‍යාව පදනම් කරගත්ත වැදගත්ම පියවර 3 ක් ගැන මම ඔයාට කියලා දෙන්නම්.

1️⃣Stabilize Your Emotions Through Self-Compassion 🌱
📌 එය වැදගත් වෙන්නේ ඇයි: ද්‍රෝහිකම PTSD (flashbacks, hypervigilance, intrusive thoughts) හා සමාන කම්පන ප්‍රතිචාර ඇති කරන්න හැකියාව තියෙනවා (Gordon, Baucom & Snyder, 2004). චිත්තවේගීය තත්ත්වය ස්ථාවර කරගන්නේ නැතුව, සුවපත් වෙන්න අමාරුයි.

👉 උපාය මාර්ගය:
🔹Self-blame නොව Self-compassion පුහුණු වෙන්න. ආචාර්ය ක්‍රිස්ටින් නෙෆ් විසින් කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කරන්නේ ස්වයං අනුකම්පාව සම්බන්ධතා කම්පනයෙන් පසු මානසික අවපීඩනය සහ කාංසාව අඩු කරන බවය.
🔹ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් කරගැනීම සඳහා සතිමත්භාවයෙන් හුස්ම ගැනීමේ අභ්‍යාසය සහ Journal එක භාවිතා කරන්න.
🔹Harsh inner talk එක වෙනුවට (“මාව එයාට මදි වුණා”) compassionate affirmations සමඟ ප්‍රතිස්ථාපනය කරන්න (“මම සුවපත් වෙනවා, මම වටින මනුස්සයෙක්”).
🔗 මූලාශ්‍ර:
🔹Gordon, Baucom & Snyder (2004) Journal of Marital and Family Therapy
🔹Neff, K. (2011). Self-Compassion: The Proven Power of Being Kind to Yourself

2️⃣ Rebuild Your Identity & Boundaries💪
📌 එය වැදගත් වෙන්නේ ඇයි: Identity Disruption Theory අනුව (Slotter et al., 2010), පාවාදීම ඔයා කවුද කියන එක අස්ථාවර කරනවා. සුව වීම සඳහා ඔයාගේ අනන්‍යතාවය ප්‍රතිනිර්මාණය කරගැනීම සහ සීමාවන් නැවත ස්ථාපිත කරගැනීම අවශ්‍ය වෙනවා.
👉 උපාය මාර්ගය:
🔹ඔයාගෙන්ම මෙහෙම අහන්න: “මෙම සම්බන්ධතාවයෙන් එළියේ මම කවුද?” සහ ඔයාගෙ ස්වාධීන ආත්මය ඉහළ නංවන ක්‍රියාකාරකම් සඳහා ආයෝජනය කරන්න.
🔹ඔයාගේ වටිනාකම මතක් කරළා දෙන මිතුරන්, වෘත්තිය සමඟ සහ ඔයාගෙ Passion එක සමඟ නැවත සම්බන්ධ වෙන්න.
🔹ශක්තිමත් චිත්තවේගීය සීමාවන් හදාගන්න (ඔයාගෙ සහකරු සමඟ ඔයා ඉඩ දෙන සම්බන්ධතා හෝ ඒවා සමඟ සන්නිවේදනය කරන්න අවශ්‍යය ආකාරය තීරණය කරන්න).
🔗 මූලාශ්‍රය:Slotter, E.B., et al. (2010). Self-Concept Clarity and Identity Loss in Romantic Breakups

3️⃣Transform Pain into Post-Traumatic Growth 🌈
📌 එය වැදගත් වෙන්නේ ඇයි: පර්යේෂණවලින් පෙනී යන්නේ විනාශකාරී සිදුවීම් පවා post-traumatic growth සාධකයක් විය හැකි බවය. නව ශක්තීන්, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රඥාවද ගොඩනඟාගන්නටද හේතු වෙනවා (Tedeschi & Calhoun, 2004).

👉 ඔප්පු කළ උපාය මාර්ගය:
🔹පාවාදීම චිත්තවේගීයව සහ අධ්‍යාත්මිකව වර්ධනය වෙන්න අවස්ථාවක් ලෙස සලකා නැවත ඔයාව ගොඩනඟා ගන්න කටයුතු කරන්න.
🔹අනාගතයට නැඹුරු සුව කිරීමේ ඉලක්ක සාදාගන්න (Snyder’s Hope Theory) – උදා: විශ්වාසය නැවත ගොඩනඟා ගැනීම, ස්වයං-ආදරය වර්ධනය කරගැනීම සහ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් නිර්මාණය කරගැනීමට කටයුතු කරන්න (පුළුවන් නම් ඔයාගෙ සහකරු/සහකාරිය සමඟ හෝ අනාගතයේදී අලුත් කෙනෙක් සමඟ).
🔹ආක්‍රමණශීලී සිතුවිලි නැවත හැඩගස්වා ගන්න සහ සෞඛ්‍ය සම්පන්න සංජානන රටා ගොඩනඟන්න උපදේශනය වෙත යොමු වෙන්න.

🔗 මූලාශ්‍ර:
Tedeschi & Calhoun (2004). Posttraumatic Growth
Snyder, C. (2002). Hope Theory
අද වෙද්දි මේ ගැටලුව නිසා පීඩා විඳින බොහෝ දෙනෙක් ඉන්නවා.නමුත් සුවපත් වෙන්න අවශ්‍ය නම් ඕනෑම කෙනෙක්ට මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.ඒ සඳහා අවශ්‍යය සහයෝගය තමන්ගේ Life Partner වරද පිළි අරගෙන සහයෝගය දෙනවා නම් වඩාත් පහසුයි. ආදරණීය විවාහ සම්බන්ධතාවයක් ඉබේ නිර්මාණය වෙන්නේ නෑ.ඒ වෙනුවෙන් කැපවීමක් අවශ්‍යය වෙනවා.

ඔෂාන් බමුණු ආරච්චි
Certified Mindfulness Coach
Certified Soft Skills Trainer




Leave a Reply

Your email address will not be published. Required fields are marked *