චීනයේ Huang Ping (හුආන්ග් පිං) ගැන ගිය අවුරුද්දේ අන්තර්ජාලය පුරා ලොකු කතාබහක් ඇති වුණා මතකද? අධිවේගී මාර්ගයක් මැද තනිවූ නිවසක ජීවත් වුණු මේ ‘මුරණ්ඩු’ සීයා ගැන අලුත්ම සහ කණගාටුදායක ආරංචියක් දැන් ලැබී තිබෙනවා.
සිද්ධිය මොකක්ද?
චීනයේ Jinxi ප්‍රදේශයේ ඉදිවුණු නව අධිවේගී මාර්ගයක් (Motorway) සඳහා හුආන්ග් පිංගේ ඉඩම පවරා ගැනීමට රජය උත්සාහ කළා. ඒ වෙනුවෙන් ඔහුට පවුම් 200,000ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 7කට වැඩි) වන්දියක් සහ අලුත් නිවාස ලබා දීමට රජය කැමති වුණත්, ඔහු එය ප්‍රතික්ෂේප කළා.
ඔහු සිතුවේ රජයෙන් ඊට වඩා ලොකු මුදලක් ලබාගත හැකි වෙයි කියායි.
නමුත් රජය ඔහුට බිය වුණේ නැහැ! 🚧 ඔවුන් කළේ ඔහුගේ නිවස එතැනම තියෙන්නට හැර, නිවස වටකරමින් අධිවේගී මාර්ගය ඉදි කිරීමයි. අවසානයේ හුආන්ග් පිංගේ දෙමහල් නිවස මාර්ගය මැද කුඩා දූපතක් වගේ ඉතිරි වුණා. මෙය ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ “Nail House” (ඇණයක් මෙන් ඉතිරි වූ නිවස) යන නමින්.
දැන් මොකද වෙලා තියෙන්නේ?
මුලදී ඔහු කීවේ “මොන දේ වුණත් මම මෙතනින් යන්නේ නෑ” කියලයි. නමුත් අලුත්ම වාර්තා වලට අනුව, මේ සටනින් හුආන්ග් පිං පරාජය වී තිබෙනවා. 😔
* දරාගත නොහැකි ඝෝෂාව: 2025 අප්‍රේල් මාසයේදී මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමඟ දවසේ පැය 24 පුරාම වාහනවල ශබ්දය සහ කම්පනය (Vibrations) නිසා නිවස තුළ ජීවත් වීම නිරයක් බවට පත් වුණා.
* අතහැර දැමීම: ලැබුණු ආරංචි මාර්ග වලට අනුව, 2025 අග භාගය වන විට හුආන්ග් පිං සහ ඔහුගේ 11 හැවිරිදි මුණුපුරාට නිවස අතහැර කුලී නිවසකට යන්නට සිදුවී තිබෙනවා.
* හිස් අතින් ගෙදරට: කණගාටුවට කරුණ නම්, මුලින් ලැබුණු කෝටි ගණනක වන්දියත් දැන් ඔහුට අහිමි වී තිබීමයි. ඔහු පසුව මාධ්‍ය වෙත පවසා තිබුණේ “කාලය ආපස්සට හරවන්න පුළුවන් නම් මම ඒ මුදල භාරගන්නවා” කියායි.
දැන් “The Eye of Jinxi” ලෙස හඳුන්වන මේ නිවස, පාළු ස්මාරකයක් ලෙස පාර මැද තනිවී තිබෙනවා. අධික කෑදරකම නිසා අතේ තිබුණු වාසනාවත් අහිමි කරගත් මේ සිදුවීම අපිට උගන්වන්නේ ලොකු පාඩමක් නේද? 🤔💸
By Tharanga Gamage.







