BREAKING NEWS
Search

පද්මේ ඇතුලු පිරිසට පොලිසියෙන් කරන්න යන දේ මෙන්න

3909

 

 

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනා සම්බන්ධයෙන් අද (31) අධිකරණයට කරුණු වාර්තා කරන බව, පොලීසිය පවසයි.

ඒ, අනුව ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.

තැඹිලි ලහිරු සහ බැකෝ සමන් සිටින්නේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ යී.

ඉන්දුනීසියාවේදී පෙරේදා (29) ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකිනි.

මේ අතර පසුගිය 29 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බැකෝ සමන්ගේ බිරිඳගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් කරන බව, පොලීසිය සඳහන් කළේ ය

(News 1st) –




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!