ලෝක සම්ප්‍රදායේ එන ව්ශ්‍රාම්ක හමුදා සාමාජිකයන් සිව්ල් ඇදුමට පදක්කම් හා හිස් වැසුම් පැලදීම නොදන්නාකම නිසාදෝ ඇතැම් අවස්ථාවල සමජ ජාලා තුල පිලිකුල් සහගත ලෙස උපහාසයට හා ව්වේචනයට ලක් වෙනවා දැක්කා. පදක්කම් කියන්නේ හමුදා සේවයේ හිටපු සොල්දාදුවෙක් මරනින් පසු තම දරුවන්ට පවා උරුම කරල යන ඔහුගේ පරම ධනයයි. සිය පණටත් වඩා ආදරේ දරුවන් පවා මොහොතකට අමතක කර දිව් හිමියෙන් කල සේවය වෙනුවෙන් එම පදක්කම් ප්‍රදානය කර ඇති නිසාත්, සිය පියාගෙන් ඈත්ව ආත්ම පරිත්‍යාගයෙන් සේවය කරන්නට පියා ජාතියට පූජා කල නිසාත් සොල්දාදුවන්ගේ මරනින් පසු දරුවන්ට පවා සිය පියා වෙත ප්‍රදානය කල පදක්කම් තමන්ගේ ඇදුමෙි පපුවේ දකුනු පැත්තෙන් පළදින්න පුලුවන්. හිස් වැසුම පලදින්නේ තමන් නියෝජනය කරන හමුදාව හා කන්ඩය වෙන් කර හදුන්වා දෙන්න. අනික පාට පාටට පෙනුනට ඕව පිනට හම්බවුනු සුකුරුත්තo, තොරම්බල් item නෙමෙයි. පළදින අය තමයි දන්නෙ අදින්න ව්දපු දුක්. ඒ නිසා ඔවුන් කැමති මරන මoචකයේදීත් තමන්ගෙ පදක්කම් ආඩම්බරයෙන් පළදින්න. මුළු ලෝකයේම ඒක එහෙමයි….🎖️️🎖️️🎖️️








