BREAKING NEWS
Search

අද පැත්ත මාරු කරපු භාතියට කොහොමද ?

5597

 

භාතියගේ ප්‍රතිකාර වල තීරණාත්මක දිනයක් ලෙස අද හැඳින්විය හැකියි.දින ගණනාවක් නිදා සිටි පැත්ත මාරු කිරීම අද දහවල් වන විට සිදු කෙරුණා.මේ වන විට බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නය භාතියට කොහොමද?
දින ගණනාවක් නිරීක්ෂණය නොකළ ඇතාගේ අණෙක් පැත්ත නිරීක්ෂණය කළ පශු වෛද්‍යවරුන්ගේ මතය කුමක්ද?

ඒ පිළිබඳ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගෙන් අප විමසීමක් කළා. යට වී තිබූ පැත්තේ ගැඹුරු තුවාල කිහිපයක් නිරීක්ෂණය වන බවයි මහාචාර්යවරයා කියා සිටියේ. එම තුවාල මෙන්ම එම පැත්තේ හමටද දැඩි හානි සිදු වී තිබෙනු දැකිය හැකියි.මේ අතරින් වම් කන ආශ්‍රිතව එල්ල වී ඇති වෙඩි පහරින් වූ තුවාලය බරපතළ බවයි මහාචාර්ය දංගොල්ල මහතා කියා සිටියේ.එම වෙඩි පහර කර්ණශංකය හරහා එල්ල වී ඇති බවටයි සැක මතු වී ඇත්තේ.ඒ නිසා හිස කෙලින් තබාගැනීමට නොහැකි තත්වය මතුව ඇති බවට නිරීක්ෂණය වන බව මහාචාර්යවරයා පවසනවා.පසුපස පාද ක්‍රියාකාරී මට්ටමක් පෙන්නුම් කළද ඊට සාපේක්ෂව ඉදිරි පාද වල ක්‍රියාකාරිත්වය අඩු බවද නිරීක්ෂණය වී තිබෙනවා.තවදුරටත් ආසාද්‍ය තත්වයේ පසුවන භාතිය හස්තියා වෙනුවෙන් කල හැකි,කළ යුතු සියලු ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරන බවද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කියා සිටියා.

අසංක නිලගරත්න
#RupavahiniNews

📸 PathumS WILD




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!